29 C
Colombo
Sunday, May 5, 2024

ගෑස් වල ඇත්ත කතාව පැය 48න් එළියට දානවා – ඩලස්

- Advertisement -

ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවන පිපිරීම් සම්බන්ධයෙන් සත්‍ය තත්වය පැය 48 ක කාලය තුළ රටට හෙලි කරන බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසනවා.

ඒ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින්.

මේ වනවිට විමර්ශන සිදුවෙමින් පවතින බවයි අමාත්‍යවරයා පවසන්නේ. .

මෙතෙක් වාර්තා වී ඇති කිසිදු සිදුවීමකදී ගෑස් ටැංකිය පිපිරී යාමක් සිදුව නොමැති බවත්, කෙසේ නමුත් ආසන්න දින කිහිපය තුළදී ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් ඉහළ ප්‍රමාණයක් සිදුව ඇති බව රජය පිළිගන්නා බවත් ඔහු පවසනවා.

ගෑස් පිරවීමේදී ගෑස් ටැංකිවල අඩංගු වියයුතු සංයුතිය නියාමනය කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් නොතිබූ බවත් එය වර්තමානයේදී පමණක් නොව ඉතිහාසය පුරා සිදු වූ අත්වැරැද්දක් බවත් පෙන්වා දෙන ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් ලැජ්ජාවට පත්විය යුතු බවයි.

මොරටුව විශ්වවිද්‍යාලයත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවත් සිදු කරන විමර්ශනවල ප්‍රතිඵල ඉදිරි පැය 48 තුළ රට හමුවේ තැබීමට හැකිවනු ඇතැයි විස්වාස කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...