28 C
Colombo
Sunday, May 5, 2024

පවෙල්ගේ සුපිරි ප්‍රහාරය අපතේ යයි. තිසර හා අවිශ්කගේ හයේ වැස්ස ජැෆ්නා පිලට ජය ගෙනෙයි.

- Advertisement -

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 7 වැනි තරඟය ලෙස ඊයේ (08) පැවති තරඟයෙන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 14ක තියුණු ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වු බැවින් තරඟය පන්දුවාර 14කට සීමා වුවද, දෙපිළෙන්ම හයේ පහර සංදර්ශනයක් දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාවීම විශේෂත්වයක්.

තරඟයේ කාසියේ වාසිය දිනූ කැන්ඩි වොරියර්ස් පිල පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා ඉනිමට තෙවැනි පන්දුවාරයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව තරඟය තාවකාලිකව නතර කිරීමට සිදු වූ අතර, පසුව එක් ඉනිමක් පන්දුවාර 14කට සීමා කරමින් තරගය යළි ආරම්භ වුණා.

එහිදි ජැෆ්නා කිංග්ස් ඉනිමේ තෙවැනි කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා තිසර පෙරේරා පන්දු 33කින් ගොඩ නැගූ සබදතාවය ලකුණු 105ක්.

අවිශ්ක පන්දු 23කින් ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 53ක්.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 7කින් වර්ණවත් වූ අතර ඉන් හයේ පහර 05ක්ම තිලකරන්න සම්පත් යොමු කළ ඉනිමේ 06 වෙනි පන්දුවාරයට අඛණ්ඩව එල්ල කිරීම කැපී පෙනුණා.

නායක තිසර පෙරේරා පන්දු 21කින් ලකුණු 53ක් රැස් කළා.

ඊට හයේ පහර 6ක් හා හතරේ පහර 2ක් අන්තර්ගත වුණා.

ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 14 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 181ක්.

පන්දු යැවීමේ දී ශිරාස් අහ්මඩ් ලකුණු 22කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ඇරඹු කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට ජයග්‍රහනය සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ හිමි වූ ඉලක්කය ලකුණු 181ක්.

කෙසේවෙතත් ඔවුන්ට පන්දුවාර 14 තුළ දී කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි.

එහිදි ආරම්භක කඩුල්ල සදහා චරිත් අසලංක හා කෙනාර් ලුවිස් අතර ලකුණු 64ක සබදතාවයක් ගොඩ නැගුණා.

අසලංක පන්දු 19කින් වේගවත් ලකුණු 42ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගින්.

අනතුරුව පිටියට පිවිසි රොව්මන් පවෙල් කිංග්ස් තරගය යළි දෙපසටම විවෘත කරමින් කිංග්ස් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත පහර දුන්නා.

එහිදි පන්දු 19කින් ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 61ක්.

පවෙල් සිය අර්ධ ශතකය පන්දු 15කින් වාර්තා කළ අතර එය වාර්තා අතරට එක් වුණේ එල්.පී.එල් ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.

ඔහුගේ ඉනිම හයේ පහර 7කින් හා හතරේ පහර 2කින් වර්ණවත් වුණා.

ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස පවෙල් දැවී යාමත් සමග කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ ජයග්‍රහනයේ බලාපොරොත්තු කෙමෙන් කෙමෙන් ගිලිහී ගියා.

ඒ අනුව කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 14 අවසානයේ කඩුලු 05ක් දැවී ලබාගත්තේ ලකුණු 166ක් පමණයි.

කෙනාර් ලුවිස් ලකුණු 41ක් ලබා ගත් අතර, කමිදු මෙන්ඩිස් ලකුණු 9යි.

පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් කඩුලු 2ක් ද, සුරංග ලක්මාල් හා චතුරංග ද සිල්වා එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

වනිදු හසරංග යොමු කළ පන්දුවාර 3 තුළදී ප්‍රතිවාදීන් ලකුණු 47ක් රැස් කිරීම විශේෂත්වයක්.

තරඟයේ වීරයා සම්මානය හිමිවූයේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සුරංග ලක්මාල්ටයි.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...