27 C
Colombo
Tuesday, May 7, 2024

ස්ත්‍රියට එරෙහි වාචික හිංසනයේ සැඟවුණු මුහුණුවර (4 කොටස)

- Advertisement -

ස්ත්‍රීන්ට එරෙහි සිදුවන වාචික හිංසනයන් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ මහත්මියගෙන් අප විමසීමක් කළෙමු.

“ස්ත්‍රියකට එරෙහිව ප්‍රචාරය වන දුස්තොරතුරක් හෝ වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් සමාජමය වටිනාකමක් ලැබෙන ආකාරය ප්‍රශ්න කළ යුතුයි. සමාජය ඊට වගකිව යුතු නමුත් ස්ත්‍රියට එහිදී විශේෂ වගකීමක් පැවරෙනවා . අද බොහෝවිට මෙවැනි මත වාද සංස්කෘතිය තුළ ඉදිරියට ගෙනයාමට ස්ත්‍රීන් දායක වන අයුරු දකින්නට පුළුවන්.එය බරපතල ප්‍රශ්නයක්. .හානිදායක හා ස්ත්‍රී විරෝධී තොරතුරු වලට වටිනාකමක් දෙමින් ඒවා ප්‍රචාරය කිරිමට ස්ත්‍රීන් ම දායක වීම ගැන විශේෂ අවධානයක් යොමු විය යුතුයි .

මේ ලෝකයට ළමයෙක් ඉපදෙන කොට කිසි දෙයක් දැනගෙන එන්නේ නැහැ. හැම දේ ම ඉගෙන ගන්නේ තම නිවසින්. ඉන් පසු සමාජයෙන්. එනිසා මේ යහපත් ආකල්ප ලබාදීමත් නිවසෙන් ම ආරම්භ විය යුතුයි . කුඩා කල සිට ස්ත්‍රියකට තම මවට සහෝදරියන්ට මෙන් ගරු කිරීමට පුහුණු කළ යුත්තේ නිවස තුළින්.”

ඒ හංසමාලා රිටිගහපොළ මහත්මියගේ අදහස්ය.

මේ සම්බන්ධව වෙනත් පැතිකඩකින් අදහස් දැක්වූ නීතිඥ අසිත විපුලනායක මහතා මෙසේ පැවසීය .
“කිසි යම් අයෙක් තවත් අයකු වෙත හෝ කණ්ඩායමක් වෙත කිසියම් ද්වේශයක් ඇතිව සිදු කරන ප්‍රකාශ වෛරී ප්‍රකාශ ලෙස සැලකිය හැකියි. ඕනෑම කෙනෙක් මෙවැනි ප්‍රකාශයන්ට ගොදුරු විය හැකි වුවත් ස්ත්‍රීන් සම්බන්ධයෙන් තත්වය විශේෂිතයි .ඔහුට එරෙහිව විවිධ අපහාස ,උපහාස කට කතා ආදිය පැතිරෙනවා.එවැනි සෑම අවස්ථාවකටම නීතිමය විසඳුම් නැහැ . එහෙත් සමහර ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකියි.
  විවිධ නීතිමය රැකවරණ තිබෙනවා. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ ස්ත්‍රියට සිදුවන වාචික හා ලිංගික හිංසනය සම්බන්ධයෙන් රැකවරණ ලබා ගැනීමට හැකියාවක් පවතිනවා.

කාන්තාවකට එරෙහිව ප්‍රචාරය කරන වාචික හිංසනය මෙන් ම ඇයට තම සේවා ස්ථානයේ සිදුවන කායික හා වාචික හිංසනයන් සම්බන්ධයෙන් ද මෙම නීතිය යටතේ කටයුතු කළ හැකිය. මීට අමතරව සිවිල් නීතිය යටතේ අපහාසයක් සිදු වූ බවට අධිකරණ ක්‍රියාවලියට යා හැකියි.එහෙත් හැම විටම එය එසේ සිදුවන්නේ නැහැ .”

අසිත විපුලනායක මහතාගේ අදහස් මත පදනම්ව
මේ පිළිබඳව සමාජයේ ඇති ආකල්පය පිළිබඳවද විමසා බැලිය හැකිය . ස්ත්‍රිය යම් වෛරී ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිසිය වෙත ගිය අවස්ථාවක බොහෝවිට සිදු කරන්නේ එය සරලව ගෙන වාචිකව සිදුවූ සුලු බහින් බස් වීමක් ලෙස සලකා සිදුවීම ප්‍රශ්නය යටපත් කිරීමට උත්සාහ කිරීමයි. එයින් සිදු වන්නේ ප්‍රශ්නය යටපත් වීමක් මිස විසඳුමක් ලැබීම නොවේ .

සමාජයේ පුරුෂයාට සාපේක්ෂව ස්ත්‍රියට එරෙහිව එල්ල වන අපහාසාත්මක හා වෛරී ප්‍රකාශයන්‍හි බලපෑම වඩා ප්‍රබලය . බොහෝවිට එබඳු ප්‍රකාශවල අරමුණ වන්නේ ඇගේ චරිතයට හානි කිරීමයිඋ .එබැවින් එබඳු ප්‍රකාශ මගින් ස්ත්‍රියගේ චරිතයට වන හානිය නිසා ඇය මානසිකව ලබන පීඩනය විශාලයි. ඒ මගින් ස්ත්‍රියගේ දූ දරුවන් ඇතුළු සමස්ත පවුල් ජීවිතයේ ම අවුලකට යා හැකියි .එනිසා ස්ත්‍රියට පුරුෂයාට මෙන් තම වෘත්තීය හා සමාජ ජීවිතය නිදහසේ ගත කිරීමට හැකියාවක් නෑ .විවිධ සීමාවන් පැනවෙන අතර එසේ පැනවෙන සීමාවන් ඇයගේ වෘත්තීය ජීවිතයට බෙහෙවින් බලපායි.

මේ පසුබිම යටතේ නීතියෙන් ලැබෙන රැකවරණය පමණක් ස්ත්‍රියට ප්‍රමාණවත් නැත . ඒ සදහා පුළුල් සමාජ සංවාදයක් අවශ්‍ය වන අතර එමඟින් සිදු කෙරෙන ගැඹුරු ආකල්පමය වෙනසක් ද අවශ්‍ය වේ.එම කාර්යභාරය තුළ ජනමාධ්‍ය සතු වගකීම ද විශේෂිතය .

– හංසි නානායක්කාර –

RECENT ARTICLES - SINHALA

නාට්ටාමින්වරුන්ට අලුත් වාහනයක්

පිටකොටුවේ රැකියා කරන නාට්ටාමින්වරුන් සඳහා විද්‍යුත් අත් කරත්ත ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්...

ග්‍රාම නිලධාරීන් අදත් ලෙඩවෙලා

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මක වන අතර වැඩවර්ජනය ආරම්භ කර අදට දින 06...

විද්‍යා ඝාතන නඩුවේ අභියාචනා පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරු ඉවත් වෙයි

යාපනයෙන් සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් 2015 වසරේ දී පැහැරගෙන ගොස් සමුහ දුෂණයට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...