27 C
Colombo
Monday, May 6, 2024

මහින්ද තාම මහළු වයසට කිට්ටු වුණා විතරයි

- Advertisement -

ආගමානුකූලව බැලූ කල අගමැතිවරයා මහළු වයසට ළඟා වූවා පමණක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.

ඒ. ඊයේ (03) දින අග්‍රාමාත්‍යවරයා නාරාහේන්පිට අභයාරාමයට පැමිණ උන්වහන්සේ බැහැදැක පිටව යාමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රටේ ජනතාව අග්‍රාමාත්‍යවරයාට ඉවත් වීමට ඉඩ නොදෙන බවත් ඔහු ඉවත් වූවොත් රටේ ජනතාව අතරමං වන බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,

“රටේ පැතිරෙනවා මේ අගමැතිතුමා ඉල්ලා අස්වෙනවා, අස්වෙනවා කියලා. නමුත් අගමැතිතුමා දැනුත් මේ පන්සලට ඇවිල්ලා ගියේ මාව හම්බුවෙලා. අපි ඇහුවා එතුමාගෙන් එහෙම දෙයක් තියෙනවාද කියලා. එතුමා දන්නෙත් නෑ !

මේ පරණ ප්‍රශ්නයක් ගොනු කරගෙන මේ කතා කරන්නෙ හැමදෙනාම. අපට දැනගන්න ඕනෙකම තියෙනවා මේ අගමැතිතුමාට අස්වෙන්න බලකරන්නෙ කවුද ? ජනාධිපතිතුමා බල කරන්නෙත් නෑ, වෙන කෙනෙක් බල කරන්නෙත් නෑ, ජනතාව බල කරන්නෙත් නෑ. අපි දැනගන්න කැමතියි එතුමාට අස්වෙන්න බලකරන පුද්ගලයා කවුද කියලා.

නමුත් අපි කියනවා මොකා බලපෑම් කළත්, කවුරු තර්ජන ගර්ජන කළත්, ගෝරනාඩු කළත් අගමැතිතුමා අස්වෙන්නෙ නෑ. අස්වෙනවා නම් අපට කියලායි අස්වෙන්නෙ. අස්වෙන්න වුවමනාවකුත් නෑ, අස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ඔවුන්ට කියනවා වහෙන් ඔරෝ භාෂාවෙන් කතා කරන්නෙ නැතුව කවුරුහරි පුද්ගලයෙක් ඉන්නවා නම් ‘මහින්ද වහාම අස්වෙයන්’ කියලා ප්‍රකාශයක් කරන්නය කියලා.

මේ රටේ ජනතාව මහින්ද මහත්තයාට අස්වෙන්න දෙන්නෙත් නෑ. එතුමා අස්වෙන්නෙත් නෑ. එතුමා අයින් වෙනවාය කියන්නෙ මේ රටේ ජනතාව අතරමං වෙනවා කියන එකයි. වයසට යනකොට අපෙත් දණහිස් අමාරු ඇතිවෙලා තියෙනවානෙ, ඒවා නියම වෙලාවට හරියයි. තවම එතුමා මහළු වයසට කිට්ටු වුණා විතරයි නෙ. ආගමානුකූලව බැලුවොත් ඒකයි”


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...