32 C
Colombo
Sunday, May 5, 2024

Breaking: රජයෙන් සහන රැසක්. රජයේ සේවකයන්ට රුපියල් 5000 ක්

- Advertisement -

රටේ ආර්ථිකය නගා සිටුවිම සඳහා මුදල් අමාත්‍යාංශය විශේෂ ආර්ථික පැකේජයක් ජනතාව වෙත ලබාදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිවේදනනය කරනවා.

ඒ අනුව සියලුම රජයේ සේවකයින්ට මසකට රුපියල් 5,000 විශේෂ දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අදාළ දීමනාව 2022 වසරේ ජනවාරි මස සිට ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

එමෙන්ම රජයේ විශ්‍රාමිකයන්ටත් මසකට රුපියල් 5000 ක විශේෂ දීමනාවක් ලබාදීමටත්, සමෘද්ධි ප්‍රතිලාභීන්ට ජනවාරි සිට මසකට රුපියල් 1,000 අමතර දීමනාවක් ලබා දීමටත් මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ආබාධිත සෙබලුන් සඳහාද අදාළ දීමනාව ලැබෙනු ඇති.

තවද කෘෂිකර්මික ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති කිරීම සඳහා පර්චස් 20ට වඩා අඩු ඉඩම්වල ගෙවතුවල වගාව සඳහා රුපියල් 5,000 ක  දීමනාවක් සහ පර්චස් 20 ත් අක්කරයත් අතර ඉඩම් සඳහා රුපියල් 10,000ක දීමනාවක් ලබා දීමටද රජය තීරණය කළ බව බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ගොවියන්ගේ අස්වැන්න සදහා වී කිලෝවක් රුපියල් 75 කට මිලදී ගැනීමට රජය සූදානම් බව මුදල් අමාත්‍යවරයා පවසනවා.

වතු කම්කරු පවුලක් සදහා මසකට තිරිගු පිටි කිලෝ 15 ක උපරිමයකට යටත්ව කිලෝවක් රුපියල් 80 බැගින් ලබාදීමටද මෙහිදී තීරණය වී තිබෙනවා.

එමෙන්ම සියලුම අත්‍යවශ්‍ය ආහාර හා බෙහෙත් සියලු බදුවලින් නිදහස් කිරීමටද අමාත්‍ය මණ්ඩලය අද (03) තීරණය කළ බව බැසිල් රාජපක්ෂ මහතා සදහන් කරනවා.

මේ අතර ගුරුවරුන් සඳහා වැඩි කරන ලද වැටුප මේ මස සිට ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

අද (03) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...