27 C
Colombo
Friday, May 3, 2024

අවසන් කළ දුම්රිය වර්ජනය පැය කිහිපයකින් යළිත් ඇරඹෙයි

- Advertisement -

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කළ පැය 24ක සංකේත වැඩවර්ජනය අද (14) පෙරවරුවේ අවසන් කෙරුණා.

කෙසේ වෙතත් එම වර්ජනය නැවතවරක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

ඒ, එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතුකර ඇති බවට කියන සිද්ධියට විරෝධතාවය පළකරමින්.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ඊයේ (13) ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය අවසන් කර පැය කිහිපයක් ගතවීමට පෙර යළිත් ඔවුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එක්වීම විශේෂත්වයක්.

පසුගිය 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

කලින් නොදන්වා ආරම්භ කළ මෙම වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් විශාල පීඩාවකට ලක්වුණා.


RECENT ARTICLES - SINHALA

මොවුන් දුටුවොත් පොලිසියට කියන්න

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව තරුණයාගේ පෙම්වතිය සහ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතනවා. මේ අතර අදාළ සිදුවීමෙන් පසුව මේ...

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...