29 C
Colombo
Friday, May 3, 2024

තෙල් නෑ; නිකරුනේ එහෙ මෙහෙ යන්න එපා..! – ඇමති දිනේෂ්

- Advertisement -

හැකිතරම් ගමන් බිමන් අඩුකර සෑමවිටම අන්තර්ජාලය හරහා අවශ්‍යතා ඉටුකර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ, පෙරේදා (12) දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගත් උපාධිධාරීන්, රාජ්‍ය සේවයේ ස්ථිර කිරීමේ රජයේ වැඩසටහන යටතේ, මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, උපාධිධාරීන්ට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින්.

ඉන්ධන අර්බුදයකට මුහුණදෙමින් සිටින නිසා එසේ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙසත් ඉන්ධන භාවිතය හැකිතරම් අවම කිරීම හරහා ඩොලර් ඉන්ධන අර්බුදය මෙන්ම ඩොලර් අර්බුදයද විසඳා ගත හැකි බවත් අමාත්‍යවරයා පවසනවා

රට මුහුණ දී සිටින අර්බුද විසඳා ගැනීම සඳහා ජනතාවගේ සහාය ලැබිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව වැනි තෙල් නිෂ්පාදනය නොකරන ඕනෑම රටක් ඉන්ධන අර්බුදයට මුහුණ දිය හැකි බවත් එය ශ්‍රී ලංකාවට පමණක් විශේෂ ප්‍රශ්නයක් නොවන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ගතහැකි හොඳම විසඳුම ඉන්ධන භාවිතය හැකිතරම් සීමා කිරීම බවයි.

ඒ හරහා රටින් පිටතට ගලා යන ඩොලර් ප්‍රමාණය අවම කරගත හැකි බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...