එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලූ දෙවැනි වන්දි මුදලේ පළමු වාරිකය ඉදිරි සති දෙක ඇතුළත ලැබෙනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
මේ යටතේ ඩොලර් මිලියන 2.15 ක වන්දියක් හිමිවන බවයි එහි සභාපති, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසන්නේ.
නෞකාව ගිනි ගැනීමෙන් සමුද්‍රීය පරිසරයට වූ හානිය සඳහා වන්දි ඉල්ලා, මේ වනවිට ලේඛන සකස් කර ඇතැයි ද ඇය සඳහන් කර සිටිනවා.
නෞකාව ගිනි ගැනීමෙන් මුහුදට පතිත වූ කන්ටේනර් කැබලි හා අනෙකුත් ද්‍රව්‍ය ගොඩ ගැනීම මේ වනවිට 70%කින් පමණ අවසන් කර ඇති බවයි දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කර සිටින්නේ.