27 C
Colombo
Friday, May 3, 2024

‘කොවිඞ් මර්දන කමිටුවලට විශේෂඥයන් නෑ ’ – මහාචාර්ය තිස්ස විතාරණ

- Advertisement -

වසංගතවේදය සම්බන්ධයෙන් ස්වදේශික විශේෂඥයන් සිටියත් කොවිඞ් මර්දන ඉහළ කමිටුවලට ඔවුන් කිසිවෙකුත් කැඳවන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා චෝදනා කරයි.


වයිරසවේදය පිළිබඳ ආචාර්ය උපාධිධාරියකු මෙන්ම විෂයට අදාළව දෙස් විදෙස් ආයතන රැසක තනතුරු හෙබවූවකු වන මහාචාර්ය තිස්ස විතාරණ මහතා මේ බව පවසා ඇත්තේ ඬේලි මිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.


කොවිඞ් පළමු ව්‍යාප්තියේදී ආරක්ෂක අංශවලට වැඩි වගකීමක් පැවරුණත් දැන් කළයුත්තේ ඔවුන් සෞඛ්‍ය අංශවලට මූලිකත්වය දීම යැයි ද බලවත් අධ්‍යාපනික ක්‍රියාවලියක් මගින් රෝග ව්‍යාප්තිය වැලැක්වීමට කඩිනම් පියවර ගත යුතුව ඇතැයි ද මහාචාර්ය තිස්ස විතාරණ මහතා එහිදී අවධාරණය කර ඇත.


අතීසාරය වසංගතයක් වූ අවස්ථාවේ එය මුලිනුපුටා දැමීමට කටයුතු කෙරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ කමිටුවක් මගින් යැයි පවසන හෙතෙම අදාළ දැනුවත්කිරීමේ වැඩපිළිවෙල පාසල් අධ්‍යාපනයට පවා එකතු කළේ යැයි සඳහන් කරයි.


සැක සහිත විදෙස් එන්නත් හා අත්හදා බැලෙන ඖෂධ අඩංගුවලට වඩා අධ්‍යාපන ක්‍රියාවලියක් කෙරෙහි විශ්වාසය තැබිය යුතු යැයි ද ඊට ඉහළ බලධාරින්ගේ අනුමැතිය අවශ්‍යව ඇතැයි ද මහාචාර්යවරයා පවසයි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...