27 C
Colombo
Thursday, May 2, 2024

මංගල උත්සවයක නටමින් සිටි තරුණයෙකු ජීවිතක්ෂයට

- Advertisement -

පානදුර ප්‍රදේශයේ මංගල උත්සවයක නටමින් සිටි 24 හැවිරිදි තරුණයෙකු හදිසියේ ඇද වැටී මියගොස් තිබෙනවා.

පානදුර උතුර පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයා වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති බවයි.

ඔහු‍ මෙලෙස සහභාගී වී ඇත්තේ පානදුර – ගොරකාන ප්‍රදේශයේ හෝටලයක පැවති තම රැකියා ස්ථානයේ මිතුරෙකුගේ විවාහ මංගල්‍ය උත්සවයකටයි.

මංගල සාදයේදී මෙම තරුණයා නටමින් සිටියදී එක්වරම බිම ඇද වැටී ඇති අතර අනතුරුව ඔහුව පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව ඔහු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

තරුණයා හට PCR පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

බස් ගාස්තු ගැන අවසන් තීරණය

ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු අඩුකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන්...

රට පුරා වැඩවර්ජන රැල්ලක්

සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කල බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. ඒ...

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ වෙනසක්

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, අද (02) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83 යි සත 62 ක් ලෙස...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...