30 C
Colombo
Friday, May 17, 2024

පොර්ට් සිටිය බලන්න දහස් ගණනක සෙනඟක්. බොහෝ දෙනෙක්ට මුව ආවරණත් නැහැ.

- Advertisement -

චීන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටිය දැක බලාගැනීම සදහා පසුගිය නිවාඩු දින 4 හි විශාල ජනකායක් පැමිණි බව අප වාර්තාකරුවන් සදහන් කරනවා.

උදෑසන 9 ටත් පෙර සිටම එම ස්ථානයට ජනතාව එක්රැස්ව සිටින අතර සවස 6 දක්වා වන කාලය වන විට එම ස්ථානය ජනතාවගෙන් පිරී ඉතිරී යන බවයි ඔවුන් සදහන් කළේ.

ඉන් බොහෝ පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශ සතයකට මායිම් නොකරමින් කටයුතු කරන බවත් ඇතැමුන්ට මුව ආවරණ පවා නොමැති බවත් වාර්තා වනවා.

පසුගිය 9 වනදා සිට කොළඹ වරාය නගරයේ මරීනා තොටුපල ආශ්‍රිත ප්‍රදේශය ජනතාවට දැකබලාගැනීමට විවෘත කෙරුණා.

ඒත් සමගම පැමිණි දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් කොළඹ වරාය නගරයට මෙන්ම ඒ අසල ඇති One Galleface සුපිරි වෙළෙඳ සංකීර්ණයටද විශාල ජනතාවක් පැමිණුනා.

ඡායාරූප අයිතිය – නිසල් බදුගේ
ඡායාරූප අයිතිය – නිසල් බදුගේ

RECENT ARTICLES - SINHALA

Breaking: රතුපස්වල වෙඩි තැබුවෙක් නැහැ. සියලු දෙනා නිදොස් කොට නිදහස්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට...

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

මුහුදු යන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

මුහුදුබඩ ප්‍රදේශවල විටින් විට තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා. කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...