27 C
Colombo
Thursday, May 2, 2024

කිසිම මානව හිමිකම් කඩවීමකට රජය අනුබල දී නෑ – ජනපති

- Advertisement -

සිය පාලන කාලය තුළ කිසිදු මානව හිමිකම් කදකිරිමකට අනුබල නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

ඒ, අද දින (18) 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භයේදී එහි රාජාසන කතාව සිදුකරමින්.

යුද්ධයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ ගැටළුව එක් පාර්ශවයකට පමණක් විශේෂ වූවක් නොවන බවත් ඒ සියලු දෙනා වෙනුවෙන් උපරිම සාධාරණත්වය ඉටුකිරීමට අප කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

”මා වගකීමෙන් කියනවා මගේ පාලන කාලය තුළ කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල දෙන්නේ නැහැ. ඒ වගේම ඉදිරියේදී එවැනි ක්‍රියාවන් සිදුවන්නට අප ඉඩ තබන්නෙත් නැහැ. අප එවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත කරන්නෙත් නැහැ. දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ සෑම ජනකොටසක්ම වාගේ ත්‍රස්තවාදය හේතුවෙන් පීඩාවට පත්වුණා. 2009 වසරේදී ත්‍රස්තවාදය පරාජය කොට යළි රටට සාමය ගෙන ඒමෙන් මේ තත්ත්වය අවසන් කරන්නට අපට පුළුවන් වුණා. කෙසේවෙතත් දැන් අපට අවශ්‍ය වන්නේ ඉතිහාසයේ අඳුරු මතකයන් ඉවතලා සෑම ජනකොටසකටම සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් විය හැකි සුරක්ෂිත රටක් ගොඩනැගීමටයි.

ඒ සඳහා ජාතී,ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව අපි සියලු දෙනාම එක් විය යුතුයි. යුද්ධයෙන් විනාශ වී තිබුණු උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට අප විශාල ආයෝජනයක් කර තිබෙනවා. යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කටයුතු සඳහා අත්පත් කරගෙන තිබුණු ඉඩම් 90%කට වඩා නිදහස් කළේ මා ආරක්ෂක ලේකම්ව සිටිකාලයේදී. මේ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කොට සාමකාමී තත්ත්වයක් පවත්වා ගෙන යන්නට හැකියාව ලැබී තිබෙන නිසා ඉදිරිකාලයේදී තවත් ඉතිරිව තිබෙන ඉඩම් නිදහස් කිරීමට අපිට හැකියාවක් ලැබෙනවා.

යුද්ධයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ ගැටළුව එක් පාර්ශවයකට පමණක් විශේෂ වූවක් නොවෙයි. ඒ සියලු දෙනා වෙනුවෙන් උපරිම සාධාරණත්වය ඉටුකිරීමට අප කටයුතු කරනවා. අප ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා. වත්මන් රජයට අවශ්‍ය මේ රටේ සෑම පුරවැසියෙකුගේම ගෞරවය හා අයිතිවාසිකම් එක සේ ආරක්ෂා කිරීමටයි. ඒ නිසා පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගැන්වීම දැන්වත් නතර කරන ලෙස මෙය තවදුරටත් කරන දේශපාලඥයින්ගෙන් මම ඉල්ලා සිටිනවා.”

RECENT ARTICLES - SINHALA

බස් ගාස්තු ගැන අවසන් තීරණය

ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු අඩුකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන්...

රට පුරා වැඩවර්ජන රැල්ලක්

සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කල බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. ඒ...

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ වෙනසක්

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, අද (02) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83 යි සත 62 ක් ලෙස...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...