29 C
Colombo
Friday, May 3, 2024

සියලුම ගෙවීම් කරන්නේ සංචිත යොදාගෙන

- Advertisement -

ශ්‍රී ලංකාව නිකුත් කරන තිබුණු ඩොලර් මිලියන 500 ක ස්වෛරී බැඳුම්කරයක් පසුගිය 18 වනදා කල්පිරීම හේතුවෙන් එය පියවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබුණි.

අද (20) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගත්තේ කෙසේදැයි යන පැනයට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ, සංචිත උපයෝගී කරගනිමින් අදාළ පියවීම සිදුකළ බවයි.

“සියලුම ගෙවීම් කරන්නේ සංචිතවලින්. ස්වෛරී බැඳුම්කරවලට පමණක් නොවෙයි, සියලුම රජයේ විදෙස් ණය ගෙවීම සඳහා යොදා ගන්නේ එම ක්‍රමවේදයයි.“ යැයි ඒ මහතා පවසා සිටියා.

මේ අතර ණය ගෙවීමෙන් පසු මහ බැංකුවේ විදෙස් සංචිතයේ තත්ත්වය මෙම මාසය අවසානයේ දී දැන ගත හැකිවනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී පවසන ලදි.

“මහ බැංකුවේ සංචිත තත්ත්වය පිළිබඳව සතිපතා ආර්ථික විවරණය හරහා අපි දැනුම් දෙනවා. මේ මාසය අවසානයේ දී නවතම සංචිත තත්ත්වය දැනගත හැකියි“ යනුවෙන් ඔහු පවසන ලදි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...