27 C
Colombo
Tuesday, May 7, 2024

කොවිඩ් නිසා මියගිය දවස් 20 බිළිදාගේ සිරුර භාරගන්න දෙමාපියන් ඇවිත් නෑ

- Advertisement -

දෙසැම්බර් 08 වන දින කොවිඩ් ආසාදනය වීම නිසා රිජ්වේ ළමා රෝහලේදී මිය ගිය දවස් 20 ක් වයසැති බිළිඳාගේ සිරුර භාර ගැනීමට එම දෙමාපියන් පැමිණ නැති බව රිජ්වේ ළමා රෝහල් අධ්‍යක්ෂකවරයා පවසා ඇත.

ඔහු මේ බව පැවසූවේ දෙසැම්බර් 10 දින උදෑසන ස්වාර්ණවාහිණි මාධ්‍ය නාලිකාවේ ප්‍රවෘත්ති වැඩසටහනකට අදහස් දක්වමිනි.

අදාල බිළිදාගේ මරණයෙන් පසුව පොලිස් පරීක්ෂණයක්, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ මරණ පරීක්ෂයත්, මරණ පරීක්ෂකවරයාගේ පරීක්ෂණයත් සිදු කළ බවත්, ඉන් අනතුරුව බිළිඳගේ දේහය භාර දීම සදහා බිළිඳාගේ දෙමාපියන්ට දැනුම් දුන් බවත් ඒ මහතා පැවසීය.

ඒත් අදාල දෙමාපියන් රෝහල වෙත නොපැමිණි බවත් ඔවුන්ගේ ඥාතිවරයෙක් රෝහලට පැමිණි නමුත් බිළිඳාගේ මෘත දේහය භාර ගැනීමට ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත් දෙසැම්බර් 09 වන දින සවස වනතෙක් බිලිඳාගේ දෙමාපියන් පැමිණෙන තෙක් බලා සිටි බවත් ඉන් අනතුරුව රජයේ වියදම මගින් දේහය ආදාහනය කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කළ බවත් ඒ මහතා පැවසීය.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්,ඔවුන්ගේ නියෝජිතයින් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ දී අද පෙරවරු 11.30ට කැඳවන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ...

වැලිගම ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් මරණයක්

වැලිගම පොලිස් වසමේ, රාජගල, වැලිගම ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ කාන්තාවක් අබිරහස් ලෙස ඝාතනය කර ඇතැයි වාර්තා වනවා. ඊයේ (06) රාත්‍රී 11.30ට පමණ මියගිය කාන්තාව රැඳී...

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට එරෙහිව පෙත්සම් 3ක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා පත්කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලන නියෝගයක්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...