30 C
Colombo
Sunday, May 5, 2024

චීන-පකිස්තාන හවුල් ව්‍යාපෘතියක අවුලක්

- Advertisement -

චීනයේ මූල්‍යාධාර ලබන චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝව යටතේ, අසාද් කාශ්මීරයේ ක්‍රියාත්මක බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් විශාල අර්බුදයක් මතුව ඇති බව වාර්තා වේ.

චීන සමාගමක් විසින් අසාද් කාශ්මීරයේ ක්‍රියාත්මක දැවැන්ත ජල විදුලි ව්‍යාපෘතියක් දේශීය බදු කොන්දේසි නොතකා හැරීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බව පැ‍වසේ.

මෙගාවොට් 1,124 ක ජලවිදුලි ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුවට අසාද් කාශ්මීර පාලනය විසින් 1% ක ස්ථාවර බද්දක් සම්මත කිරීම ගැටලුවට හේතුවයි.

මෙම ගැටලුව වහාම විසඳන ලෙස චීන සමාගම පාකිස්තානයෙන් ඉල්ලා ඇති අතර ප්‍රශ්නය විසඳා නොගතහොත්, චීන ජාතිකයන් මෙම ව්‍යාපෘතිය චීන-පකිස්තාන ආර්ථික හවුල් ව්‍යාපෘති ලැයිස්තුවෙන් ඉවත් කළ හැකි බව පකිස්ථානයේ ප්‍රධාන පුවත්පතක් පකිස්ථාන නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර තිබේ.

මේ අතර එම ව්‍යාපෘතිය මගින් ඉන්දියාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කරන බැවින් ඉන්දියාව විසින් පසුගිය කාලයේ කිහිප වතාවක්ම මෙය ගැටලු සහගත බව චීනයට අවධාරණය කර ඇතැයි ද සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...