31 C
Colombo
Tuesday, April 30, 2024

බණක් භාවනාවක් කරගෙන ඉන්න හිතිලා තියෙන්නේ..! – රතන හිමි (වීඩියෝ)

- Advertisement -

තමන් වහන්සේ නැවතත් මැතිවරණයට ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසනවා.

ඒ, පෙරේදා (26) දින මොණරාගල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින්.

දේශපාලනය යනු අසීරු වැඩක් බවත් දේශපාලනය නොකර බණක් භාවනාවක් කරගෙන සිටින්නට තමන්ට සිතෙන වාර අනන්ත බවත් උන්වහන්සේ පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රතන හිමි,

“සමහරු කියනවා රතන හාමුදුරුවෝ ජනාධිපතිතුමාට ලණු දීලා, වස විසෙන් තොර ගොවිතැන මම තමයි පටළැව්වේ කියලා. වස විසෙන් තොර ගොවිතැනට මම කැමතියි, හැබැයි මම කියනවා මේ වගේ අපිළිවෙලින් ඒක කරන්න ගියොත් විශාල ඛේදවාචකයක් ඇතිවෙන්න පුළුවන්. මිනිස්සු සාගතෙන් මැරෙන තත්වයක් එනවා. ඒ නිසා රජයට අපි කියන්නෙ එකයි, අර රටේ ගූ පොහොරයි – මේ රටේ අර පොහොරයි – අර නැනෝ මොනෝ මොකක්වත් නොදන්නා මඟුලයි මේ එකක්වත් අපට ඕනෙ වෙන්නෙ නෑ. අපට ඕනෙ කරන්නෙ එක දෙයයි මේ වෙලාවෙ. මොකක්ද, හෙක්ටයාරයට යූරියා ගෙන්වන්න යනවා අද කාලෙ හැටියට රුපියල් 40,000ක්. කරුණාකරලා ඒ 40,000 ගොවියන්ට දෙන්න. නිලධාරීනුත් එපා, වෙන කවුරුවත් එපා අපි ගොවියන්ට පොහොර හදන හැටි කියලා දෙන්නම්.

රතන හාමුදුරුවෝ ආයෙ ඡන්දෙ ඉල්ලන්න එන්නෙ නෑ. ආයෙ ඡන්ද ඉල්ලන දේශපාලනයක් නෙවෙයි, ජනතාව සවිබල ගන්වන අලුත් ජනතා ව්‍යාපාරයකට අපි මුලපුරන්න ඕනෙ. මම ඒකට සූදානම්.

දේශපාලනය කියන්නෙ හරි අසීරු වැඩක්. දේශපාලනය නොකර බණක් භාවනාවක් කරගෙන ඉන්න හිතෙන වාර අනන්තයි. තව වෙලාවකට හිතෙනවා ලෝකෙ වටේ ගිහිල්ලා යමක් කමක් තියෙන මිනිස්සුන්ට කතා කරලා හොඳට ජීවිතයක් ගත කරන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒ වුණාට මේ රත්තරන් බිම දාලා යන්න බැරි බැඳීමක් තියෙනවා අපට”

RECENT ARTICLES - SINHALA

මහින්දානන්ද නිදොස් කොට නිදහස්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග...

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල් ගිහින්

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා...

රතුපස්වල තීන්දුව අද

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...