28 C
Colombo
Friday, May 3, 2024

චීනය සමඟ තරඟකාරිත්වය වැඩි කිරීමට ඇමරිකාව නීති සම්පාදනය කරයි

- Advertisement -

චීනය සමඟ ආර්ථිකය සහ ජාතික ආරක්ෂාව යන ක්ෂේත්‍රවල තරඟකාරිත්වය වැඩි කිරීම සඳහා නව නීති සම්පාදනය කිරීමට එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පියවර ගෙන තිබේ.

‘2022 ඇමරිකානු තරඟ පනත’ ලෙස නම් කර ඇති මෙම නීතිය මගින් ඇමරිකානු නිෂ්පාදන ඉහළ නැංවීමට, ආර්ථික සහ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට උත්සාහ කරනු ඇති බව සදහන් වේ.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේදී ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි දශක කිහිපය තුළ චීනය සහ සෙසු ලෝකය අභිබවා යාමට සහ සැපයුම්දාම ශක්තිමත් කර ආර්ථිකය වර්ධනයට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මෙමගින් වැදගත් පියවර ගෙන ඇති බවයි.

ගෝලීය නීති නොසලකා හැරීමට චීනය දරන ප්‍රයත්නයන්ට ප්‍රතිරෝධය දැක්වීම සඳහා ඇමරිකානු නායකයින් හට මෙම පනත ජාත්‍යන්තර සංසදවලදී සහ ගෝලීය ගැටලු සම්බන්ධයෙන් උපකාරී වනු ඇති බව විචාරකයන්ගේ අදහස වී තිබේ.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...