26 C
Colombo
Monday, April 29, 2024

මාස ගණනක් මැදපෙරදිග සිර වූ ලාංකිකයන්ගෙන්- 523 දෙනෙක් අද ගෙන්වාගෙන

- Advertisement -

රජය විසින් මාස ගණනක් තිස්සේ ලංකාවට ගෙන්වා නොගැනීම නිසා මැද පෙරදිග සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 523 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් සහ ඉන්දියාවේ සිට ඒම පිරිස දිවයිනට පැමිණ ඇති බවය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 300ක්, කටාර් සිට පුද්ගලයින් 127ක් සහ ඉන්දියාවේ සිට පුද්ගලයින් 96ක් මෙලෙස පැමිණ තිබේ.

මීට අමතරව අද දිනය තුළ තවත් ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු චීනයේ  සහ ජර්මනියේ සිට දිවයිනට පැමිණිමට නියමිත බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

එලෙස පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට නියමිතය.

පසුගිය කාලසීමාවේ මැදපෙරදිග රටවල්වල සිර වී සිටි ලාංකිකයන් තමන් ලංකාවට ගෙන්වාගන්නා ලෙස දිගින් දිගටම ඉල්ලීම් කළේය. ඇතැම් ලාංකිකයන්ට රැකියා අහිමිව මාවත්වල සිටින බව වීඩියෝ සහ ඡායාරූප පළ විය.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...