33 C
Colombo
Saturday, May 4, 2024

අවුරුදු දෙකේ දුවව ට්‍රක් රියේ ගසා මැරූ පියාට මරණ දඬුවම ලැබුණු හැටි

- Advertisement -

ඇල්ෆ්‍රඩ් බොර්ජියස් 2002 දී තමන්ගේ අවුරුදු 2ක දියණියව ට්‍රක් රථයේ ජනේලවල සහ ඩෑෂ්බෝඩ් එකේ ගසා මරා දැමූ බව අධිකරණය තීන්දු කළා. තීන්දුවට අනුව ඔහු සති දෙකක් තිස්සේ තමන්ගේ දියණිය අපයෝජනයට ලක් කිරීමෙන් පසුයි එම ඝාතනය සිදු කළේ. ට්‍රම්ප් රජය තම කාලසීමාවේ ලබාදුන් අවසන් මරණ දඬුවම් කිහිපය අතර, මෙම ට්‍රක් රථ රියදුරාටත් මරණ දඬුවම දී තිබෙනවා.

දෙසැම්බර් 11 සිකුරාදා සවස 8.21ට ඇල්ෆ්‍රඩ් බොර්ජියස් මරණයට පත් වූ බව ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ ඉන්දියානා ප්‍රාන්තයේ සිරගෙදරකදී.

එම මරණ දඬුවම ලබාදීමට පෙර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් තර්ක කර තිබුණේ, මෙම රියදුරාගේ බුද්ධි මට්ටම පහළ බව. ඒ නිසා ඔහුට මරණ දඬුවම ලබාදීම නුසුදුසු බව. එහෙත්, එය ප්‍රතික්ෂේප කරමින් මරණ දඬුවම දී තිබුණා.

බිහිසුණු අපරාධය ඔහු සිදු කළත්, ඉන් වසර 18ක් සිර දඬුවම් වින්දාට පසු, විදුලි සැරෙන් මරණ දඬුවම ලැබීම සඳහා ඇඳට ගැටගැසූ මේ මිනිසා, සිය අවසන් වචන පිටකර තිබුණා. ඔහු කියා තිබුණේ තමන් දරුවා ඝාතනය නොකළ බව. අපයෝජනය නොකළ බව.

‘මට විරුද්ධව කුමන්ත්‍රණය කළ, මට විරුද්ධව සාක්ෂ පෙළගැස්වූ සියළු දෙනාට දෙවියන්ගේ සමාව ලබාදෙන්නැයි මම ඉල්ලනවා.’ ඔහු කියා තිබුණා. ‘මම මේ අපරාධය කළේ නැහැ.’

ස්නායු දුර්වල කර දමා අන්තිමේ මරණය ලබාදෙන එන්නතක් අත් දෙක හරහා ඇතුළු වෙද්දී, ඔහු තමන් ළඟ බයිබලය කියවමින් සිටි පූජකයාට මහපටැඟිල්ල ඔසවා  සංඥා කළ පසු, පූජකයාද මහපටැඟිල්ලෙන් සංඥා කළා.

ඉන්පසු ඔහුව ගැටගැසූ ඇඳ කෙළින් අත හරවා මාධ්‍යවේදීන් සහ මරණය බලන්නට සිටි පුද්ගලයන් දෙසට හැරෙව්වා. වේදනාවෙන් ඔහුගේ ඇස් සහ මුහුණ විකෘති වී ගියා. වේගයෙන් හුස්ම හෙළන්නට පටන්ගත්තේ, සිරුර අවසන් මොහොතේත් ජීවිතය ඉල්ලා සටන් කරද්දී. ඔහුගේ උදරය වේගයෙන් ගැහෙන්නට පටන් අරගත්තේ බියජනක ආකාරයට. විනාඩි පහක් පමණ එලෙස ගැහෙමින් තිබුණු සිරුර අවසන ගල්ගැසුණා.

විනාඩි විස්සක් ඔහුගේ සිරුරේ සෙළවීමක් නොවුණු තැන, ඔහු මරණයට පත් වී ඇතැයි නිල වශයෙන් ප්‍රකාශ කෙරුණා.

ඇමෙරිකාවේ මධ්‍යම රජය යටතේ සිටි අපරාධකරුවන්ට වසර 17ක් තිස්සේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමක් සිදු වුණේ නැහැ. ඒ වෙනුවට ඇමෙරිකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලබන ප්‍රාන්ත කිහිපයක පමණක් මරණ දඬුවම ක්‍රියාත්මක කළා. එහෙත්, ප්‍රාන්තවල පවා මරණ දඬුවම ක්‍රියාත්මක කළ අවස්ථා ගණන එන්න එන්නම සීමා කෙරෙමින් පැවතුණා.

මේ වන විට හේතු රැසක් නිසා ශිෂ්ඨ ලෝකය මරණ දඬුවම ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා.

මරණ දඬුවම ලැබූ පුද්ගලයන් එම අපරාධ නොකළ බව පසුව හෙළි වූ අවස්ථා තිබුණා. ශිෂ්ඨ ලෝකයකට මරණ දඬුවම නොගැලපෙන බවට දැන් පිළිගැනීමක් තිබෙනවා. යම් අපරාධකරුවෙක් ඝාතනය කිරීම අපරාධයට අපරාධයකින් සැලකීමක් බව දැන් ලෝකයේ තිබෙන මතයක්.

ඒ අනුව ඇමෙරිකානු මධ්‍යම රජය මරණ දඬුවම ක්‍රියාත්මක නොකළත්, 2020  දී ට්‍රම්ප් පාලනය යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කළා. මෙතෙක් 10 දෙනෙක්ට මරණ දඬුවම ලබා දී තිබෙනවා. පසුගිය සතියේදී මරණ දඬුවම ලැබූ දෙවැන්නා ඔහු. ජනවාරි මාසයේදී තවත් මරණ දඬුවම් තුනක් සැලසුම් කර තිබෙනවා.

මරණ දඬුවම නියම වී තමාගේ අනුකම්පාව යටතේ ජීවත් වන පුද්ගලයන් අතරින් දසදෙනෙකුට වැඩි පිරිසක් එකම අවුරුද්දේ මරා දැමීමට ජනාධිපතිවරයෙකු තීන්දු කිරීම බොහෝ දෙනෙකුගේ විවේචනයට හේතු වී තිබෙනවා. අවසන් වරට එලෙස මරණ දඬුවම් ලබාදීමක් සිදු කළේ 1986 වර්ෂයේදී.

RECENT ARTICLES - SINHALA

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...