33 C
Colombo
Saturday, May 4, 2024

ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ ගසයි. පැතුම් නිශ්ශංකටත් අවවාද. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ටත් කුඩම්මාගේ සැලකිලි

- Advertisement -

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක් පැනවීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඕස්ට්‍රේලියාව සමඟ ඊයේ (13) පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී අඩු පන්දුවාර වේගයක් රඳවා තබාගැනීම හේතුවෙන්.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 20% ක දඩයක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට ICC ය අවවාදයක් නිකුත්කර ඇති බවද වාර්තා වනවා.

ඒ තරඟය අතර තුර අසභ්‍ය වචන භාවිත කිරීමට අදාලවයි.

මේ අතර ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියාව 20 යි 20 ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ඔස්ට්‍රේලියාව වෙත ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එරට ක්‍රිකට් බලධාරීන් විසින් කුඩම්මාගේ සැලකිලි දක්වා ඇතැයි වාර්තා වනවා.

මේවනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා ඇතුළු විධායක කමිටු නිලධාරීන් කිහිපදෙනෙකු ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටිනවා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් කුඩම්මාගේ සැලකිලි දැක්වීම හේතුවෙන් ඔවුන්ට ඊයේ තරගය නැරඹීමට සිදුවූයේ ද සිඩ්නි ක්‍රීඩාංගනයේ සාමාන්‍ය ප්‍රේක්ෂකාගාර තුළ සිටයි.

සාමාන්‍යයෙන් විදෙස් රටක ක්‍රිකට් නිලධාරීන් කණ්ඩායමක් පැමිණිය හොත් සත්කාරක රට එම නිලධාරීන් සඳහා ඉහළ ආගන්තුක සත්කාර දැක්වීම සාමාන්‍ය සම්ප්‍රදායයි. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ද විදෙස් කණ්ඩායම් මෙරටට පැමිණෙන අවස්ථාවලදී එම රටවල ක්‍රිකට් බලධාරීන්ට ඉහළ ආගන්තුක සත්කාර දක්වනු ලබනවා.

එවන් පසුබිමක ඕස්ට්‍රේලියාවේදී සිය නිලධාරීන්ට මෙවැනි අඩු සැලකිල්ලක් දැක්වීම කණගාටුදායක බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

RECENT ARTICLES - SINHALA

අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට්‌ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහුට...

මෙරට සමස්ත ජනගහනය පහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...