28.7 C
Colombo
Wednesday, May 8, 2024

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බලන්න ආ ගුරුවරයෙක්ට කොවිඩ්

- Advertisement -

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ අපොස උසස් පෙළ විභාගයේ සිසුන්ගේ දේශපාලන විද්‍යාව ප්‍රශ්නපත්‍ර පරීක්ෂා කිරීම සදහා පැමිණි ගුරුවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.

මේ පිළිබඳව අප විභාග කොමසාරිස් ජෙනරාල් බී. සනත් ජුජිතගෙන් විමසීමක් කළ අතර ඔහු එය තහවුරු කළේය. පුජිත මහතා පවසා සිටියේ අදාල ගුරුවරයාට වෛරසය ආසාදනය වී ඇත්තේ නිවසේ දී බවත්, ඔහු සමඟ නේවාසිකව සිටි තවත් ගුරුවරයෙක්ව මේ වන විට නිරෝධායනයට පිටත් කර ඇති බවත්ය. අදාල විද්‍යාලයේ එම අංශය සම්පූර්ණයෙන්ම විශබීජහරණය කර ඇති බවත් මේ වන විට ප්‍රශ්ණ පත්‍ර නිරීක්ෂණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවත් ඒ මහතා පැවසිය.

අප කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලීන් පැවසූවේ ප්‍රශ්නපත්‍ර පරික්ෂා කරන ගුරුවරුන්ට අත් පිරිසිදු කිරීමට ලබා දී ඇති විශබීජනාශක දියර ප්‍රමාණවත් තරම් ලැබී නැති බවය. කෙසේ වෙතත් නිරෝධායනය වෙමින් සිටින ළමුන්ගේද ප්‍රශ්න පත්‍ර බැලීමට සිදු වන බැවින් ගුරුවරුන්ට ඒ සදහා අත්වැසුම් ලබා දී නැති බවය. ගුරුවරුන් මේ වන විට රාජකාරි කරන්නේ අවදානම් තත්වයක් යටතේ බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සකස් කර දීම අධ්‍යාපන අමාත්‍යංශයේ රාජකාරියක් බවය.

RECENT ARTICLES - SINHALA

විදුලි බිල අඩු කිරීමේ යෝජනා 10 වැනි දාට පෙර ලබා දෙන්න

විදුලි බිල අඩු කිරීමේ යෝජනා ලබන 10 වැනි දාට පෙර ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. කොමිසමේ ප්‍රකාශකයෙකු...

නිවසකට පැමිණ තර්ජනය කළ TID නිලධාරීන්ට වැඩ වරදී

පන්නිපිටිය - වීර මාවතේ පිහිටි නිවසකට පැමිණ එහි නිවැසියන්ට තර්ජනය කළ බව පැවසෙන පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඔවුන් පසුගිය...

කෘෂිකර්මාන්තය නවීකරණයට ඩොලර් මිලියන 100ක ආයෝජනයක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේදී මෙම ගිවිසුමට...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...