32 C
Colombo
Saturday, May 4, 2024

බැසිල් එක්ක මගේ ගැටුමක් නෑ..! – කබ්රාල්

- Advertisement -

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා අතර ගැටුමක් ඇති බවට විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා පසුගිය 02 වනදා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඒ, ඊයේ (04) දින ශ්‍රී ලංකා මහබැංකු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා,

“කිසිම ගැටලුවක් නැහැ. මම බොහොම සුහදව එතුමාත් එක්ක අපි කටයුතු කරනවා, ඒකෙ කිසිම ගැටලුවක් නැහැ.

ඒ වුණාට අපි ප්‍රතිපත්තිමය ආකාරයෙන් අපටත් තියෙනවා යම්කිසි වගකීමක්, ඒ ප්‍රතිපත්තිමය තීරණ මුදල් අමාත්‍යාංශයට යොමුකිරීමටත් රජයට යොමුකිරීමටත්. ඉතින් ඒ ප්‍රතිපත්තිමය තීරණ යොමුකිරීම, ඒ පිළිබඳව අධ්‍යනය කරලා රජයට දැනුම්දීම අපේ වගකීමක්. ඒ වගකීම මම මුදල් මණ්ඩලයේ සභාපති හැටියටත් මහබැංකු අධිපති හැටියටත් ඉෂ්ඨ කරනවා.

ඉතින් එය ඉෂ්ඨ කරද්දී සමහරවිට විවිධ අය ඒක බලාගෙන ඉන්නකොට විවිධ ආකාරයට අර්ථකථනය කරන්න පුළුවන්. ඒ වුණාට ඒ වගකීම අපි ඉෂ්ඨ කරනවායි කියන එක මම කියන්නට අවශ්‍යයයි”

RECENT ARTICLES - SINHALA

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...