27 C
Colombo
Monday, April 29, 2024

ඉදිරියේදී මත්පැන් හිඟයක්

- Advertisement -

පවත්නා ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා මත්පැන් නිෂ්පාදනයට ප්‍රමාණවත් එතනෝල් නොලැබෙන බව දේශීය මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

රජයේ තීරණයක් මත මේ වන විට එතනෝල් විදෙස් රටවලින් ආනයනය කිරීම සපුරා තහනම් කර තිබෙනවා.

කෙසේ වෙතත් ගල්ඔය සීනි කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරී වරුණ මදුෂාන් මහතා පවසන්නේ එම කර්මාන්ත ශාලාව තුළ දෛනිකව එතනෝල් ලීටර් විසිහතර දහසක් (24000) නිපදවන බවයි.

එමෙන්ම පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවෙන් දෛනිකව ලීටර් විසිදහසක් සහ සෙවණගල කර්මාන්ත ශාලාවෙන් දෛනිකව ලීටර් දහ අටදහසක් නිෂ්පාදනය කරනවා.

එහෙත් මෙරට ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදානාගාරය සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ සිය නිෂ්පාදන සඳහා එතනෝල් ලීටර අසූ දහසකට වැඩි ප්‍රමාණයක් දෛනිකව අවශ්‍ය කෙරෙන බවයි.

කෙසේ වෙතත් නියමිත පරිදි අවශ්‍ය කෙරෙන එතනෝල් ප්‍රමාණය නොලැබෙන්නේ නම් එළැඹෙන මාර්තු 22 වනදා සිට සිය මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට මෙරට ප්‍රධානම මත්පැන් නිෂ්පාදනාගාරය සුරාබදු දෙපාර්තමෙන්තුවට දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...