26 C
Colombo
Thursday, May 16, 2024

අශ්වයා ගිය පසු ඉස්තාලේ වැසීමට ආණ්ඩුව IMF සහය පතයි

- Advertisement -

වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාව ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( IMF ) සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් සිටින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඔවුන් ඒ බව හෙළිදරව් කර ඇත්තේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල මූලාශ්‍ර 03කින් අනාවරණය වූ කරුණු ඔස්සේයි.

මෙම සාකච්ඡා තුළදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත්, විදේශ විනිමය හිඟය කළමනාකරණය කරගැනීමටත් ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කරන යෝජනා රැගෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන අප්‍රේල් මාසයේදී අමෙරිකාවේ නිව්යෝක් බලයාමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

කෙසේවෙතත් අප කළ විමසීමකදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ රජය IMF බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වීම නියමිතව ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නොවන බවයි.

ඔහු මිට පෙරද සඳහන් කර තිබුනේ කවර ආර්ථික තත්ත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකාව IMF සහය ලබාගැනීමට අපෙක්ෂා නොකරන බවයි.


RECENT ARTICLES - SINHALA

වංචාවෙන් ඉපැයු දේපල රාජ සන්තක කරනවා-විජයදාස

වංචා සහගතව උපයන ලද දේපල ඉදිරියේදී රාජ සන්තක කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. නීතියේ...

විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනා ලබාදීමට ලංවිම යළි කල් ඉල්ලලා

විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම...

‘ඩේලි මිරර්’ පුවතක් ගැන මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ඩේලිමිරර් පුවත්පතේ ඊයේ (15)  දිනයේදී “ලංකාවේ NGO නීතිය හදන්න ඇමෙරිකාව මැදිහත් වී ඇත”  සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...