28 C
Colombo
Saturday, May 4, 2024

යතුරුපැදි සවාරිය: මම සම්බන්ධ නෑ – නාමල්

- Advertisement -

බ්‍රහස්පතින්දා (17) කල්පිටියේ පැවති යතුරුපැදි සවාරියට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සහය නොදැක්වූ බව ඔහුගේ මාධ්‍ය අංශය විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.

කල්පිටියේ පැවැති යතුරුපැදි සවාරිය සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ හෝ ඔහුගේ අමාත්‍යංශය විසින් කිසිදු ආධාරයක් ලබා නොදුන් බවත් එය ක්‍රීඩා අමාත්‍යාංශයට සම්බන්ධ නැති පුද්ගලික ආයතනයක් විසින් සංවිධානය කර ඇති බවත් එහි සඳහන් වනවා.

මෙම සවාරිය සැබැවින්ම ජනවාරි මාසයේදී සංවිධානය කළ බවත්, සංවිධානය කරන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයක් නොතිබූ බවත් අද (18) දින පැවති මාධ්‍ය හමුවකදී ස්පින් රයිඩර්ස් සමාජය කියා සිටියා.

හෝටල් නවාතැන් සඳහා කණ්ඩායම දැනටමත් රුපියල් මිලියන 1.5 ක මුදලක් ගෙවා ඇති බවත්, එබැවින් උත්සවය ප්‍රමාද කළ නොහැකි බවත් එහිදී ස්පින් රයිඩර්ස් සමාජය නියෝජනය කරන සජින සිත්මල් පවසා සිටියා.

“අවුරුදු 10ක් අපි මේ සංචාරය කරන්නේ අලුත් අවුරුද්දේ. සංචාරය අතරතුර අපි සමාජ සුභසාධන ව්‍යාපාරයක නිරත වනවා. මේ වසරේ අපි අපේක්ෂා රෝහලට රුපියල් මිලියන 1.2ක් පරිත්‍යාග කළා වගේම කල්පිටිය ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා රුපියල් ලක්ෂ 5ක් වටිනා ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කරනවා,” ඔහු වාර්තාකරුවන්ට පැවසීය.

ස්පින් රයිඩර්ස් ක්‍රීඩා සමාජය පැවසුවේ මෙම සංචාරය ක්‍රීඩා අමාත්‍යවරයාට සම්බන්ධ නොවූ අතර ඊට මෝටර් රථ සහ යතුරුපැදි ලෝලීන්ගේ සහභාගීත්වය ඇති බවයි.

එම සමාජය නියෝජනය කරමින් නිලුපුල් තීක්ෂණ කියා සිටියේ සාමාජිකයින් ද ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල්වල පෝලිමේ සිටින බවයි.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...