27 C
Colombo
Friday, May 3, 2024

අවුරුද්දක් පුරා RMV දූෂිත නිලධාරීන් හඳුනාගන්න බුද්ධි අංශ ‍‍‍දැම්මා

- Advertisement -

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් හඳුනාගැනීම සදහා වසරක් පුරා එම නිලධාරීන්ව නිරීක්ෂණය කිරීමට බුද්ධි අංශ නිලධාරීන් යොදවා තොරතුරු රැස් කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

වසරක් පුරා එසේ නිරීක්ෂණය කළ නිසා RMV නිලධාරීන් 600 ක් පමණ ස්ථාන මාරු ලබා යෑවීමට ඔවුන් දක්වන විරෝධතාවලින් කිසිදු ඵලක් නොවන බව ඒ මහතා පවසයි.

“අපි පහුගිය අවුරුද්දක කාලයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව නිරීක්ෂණය කෙරුවා. බුද්ධි අංශ නිලධාරීන් යොදවලා යම් යම් තොරතුරු ලබා ගත්තා. ඒ අනුව දූෂිත නිලධාරීන් සහ දූෂිත නැති නිලධාරීන් කවුද කියලා හඳුනගත්තා. බහුතරයක් නිලධාරීන් දූෂිත නිලධාරීන්. ඒ දෙපාර්තමේන්තුව තුළ නොසිටිය යුතු නිලධාරීන් යම් ප්‍රමාණයක් අපි හඳුනගත්තා. මේ අය විතරක් මාරු කළොත් මේ අයට ගිහින් අලුත් රාජකාරී ස්ථානයේ වැඩකරන්න ප්‍රශ්නයක් වෙනවා මොකද දූෂිත නිසා ඉවත් කෙරුවා කියන චෝදනාව එනවා. මේ අය ඇතුළුව වාර්ෂික ස්ථානමාරු ලැබිය යුතු අය සහ ස්ථානමාරු ඉල්ලලා තියෙන අය ඇතුළත්ව මේ ස්ථානමාරුවීම් සිදුකරනවා.” යැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...