28 C
Colombo
Sunday, May 5, 2024

ජනපතිගේ සෝදිසි සංචාර යළි අරඹයි

- Advertisement -

සංචාරකයන්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, කොළඹ 03, ගාලු පාරේ, අංක 80 ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඊයේ (24) පෙරවරුවේ නිරීක්ෂණය කරමින්.

ඊට ඇති බාධා ඉවත් කර ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් මඟින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

වසරේ පළමු කාර්තුවේදී සංචාරකයන් 260,000කට අධික පිරිසක් පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ සමස්ත සංචාරකයන්ගේ පැමිණීමට වඩා ඉහළ අගයක් බවත් ඔහු පෙන්වා දෙනවා. වසර අවසානය වන විට සංචාරකයන් මිලියන1.3ක ඉලක්කය සපුරා ගැනීම රජයේ අපේක්ෂාව වන බවත් සංචාරක ක්ෂේත්‍රයේ සියලු අංශ ඒ සඳහා සූදානම් කළ යුතුව ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව දේශීය හා විදේශීය රැකියා විශාල සංඛ්‍යාවක් පවතී. ඊට සරිලන පරිදි පුහුණු අවස්ථා පුළුල් කළ යුතු බවත් ඒ සඳහා රට පුරා ව්‍යාප්තව ඇති හෝටල් පද්ධතියේ සහාය ලබා ගනිමින් තරුණයින් සඳහා ප්‍රායෝගික පුහුණුවත්, න්‍යායාත්මක දැනුමත් ලබා දීමට සැලසුම් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කළ හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

යාල, කුමන, මින්නේරිය ඇතුළු වනෝද්‍යාන හා වෙරළ කලාපය සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු යන මහත්මමහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
.

May be an image of 6 people, people standing, food and indoor
May be an image of 6 people, people standing and indoor
May be an image of 6 people, people standing, food and kitchen

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...