30 C
Colombo
Saturday, May 4, 2024

සජිත්ට හොරෙන් UNP සත්‍යග්‍රහයට ගිය පාඨලීගේ 43 සේනාංකයට කොක්කක්?

- Advertisement -

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කළ සත්‍යග්‍රහයට සම්බන්ධ වී ඇත්තේ සමගි ජන බලවේගයේ අනුමැතියකින් තොරව බැවින් ලබන සතියේ පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මේ සම්බන්ධව දැඩිව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවට වාර්තා වනවා.

චම්පික රණවකගේ 43 සේනාංකය සහ කරුණාරත්න පරණවිතාන මෙම සත්‍යග්‍රහයට එක්වීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දැඩි විරෝධය පල වී ඇති නමුත් එම පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ තවත් පිරිසක් 43 සේනාංකයේ පියවරට ප්‍රසාදය දක්වා ඇතැයි ද පැවසේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ මේ වන විට රට මුහුණපා ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් සියලු පාර්ශව එකට එකතු වී පොදු වැඩපිළිවෙළක් ගොඩනගා ගත යුතු බවයි.

43 වැනි සේනාංකය වශයෙන් තමන් ඇතුළු කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය පමණක් නොව, අනෙකුත් පක්ෂ සමග ද කටයුතු කරන බවත්, 43 සේනාංකයේ සංවත්සර උත්සවයට එජාපයේ නියෝජ්‍ය නායක ඇතුළු පිරිසක් ද සහභාගී වූ බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...