27 C
Colombo
Monday, April 29, 2024

දුම්රිය ගාස්තු වැඩි නොකළොත් අතිකාල කපනවා..! – ඇමති දිලුම්

- Advertisement -

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින මුල්‍ය අර්බුදයට යම් සහනයක් ලබා ගැනීම සඳහා දුම්රිය ගාස්තු ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

දින කිහිපයකට ඉහතදී හදිසියේ දුම්රිය ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළ නමුත් ප්‍රවාහන ඇමතිවරයාගේ මැදිහත්වීම මත එය කල්දැමිණි.

දුම්රිය ගාස්තු ඉහළ දැමීමට දුම්රිය වෘත්තීය සමිති දැඩි විරෝධය පළකරන අතර ඔවුන් පවසන්නේ ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළහොත් ඊට එරෙහිව වර්ජන ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා ඊයේ දින ප්‍රකාශ කර සිටියේ ගාස්තු ඉහළ දැමීමට ඉඩ ලබා නොදෙන්නේ නම් දුමිරිය සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීමට සිදුවන බවයි. ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් දුම්රිය‌ දෙපාර්තමේන්තුව ලබන පාඩුව ඉහළ ගොස් ඇති අතර අවම වශයෙන් එම පාඩුව හෝ පියවා ගැනීමට අවශ්‍ය බවයි අමාත්‍යවරයා පවසන්නේ. ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වන්නේ නම් අතිකාල කප්පාදු කර හෝ එම පාඩුව පියවා ගන්නා බවත් ඇමතිවරයා පවසනවා.

කෙසේ නමුත් ඒ සඳහාද වෘත්තීය සමිතිවල විරෝධය පළකර සිටින අතර සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමය පවසන්නේ අතිකාල දීමනා කප්පාදු කළහොත් ඊට දැඩි විරෝධය පළ කරන බවයි. දුම්රිය සේවය පවත්වාගෙන යාමට නම් සේවකයන් අතිකාල සේවාවල නිරතවීම අත්‍යවශ්‍ය වී ඇති බවත්, අතිකාල කප්පාදු කිරීමට කටයුතු කළහොත් අර්බුදය විසඳීම වෙනුවට සමස්ත දුම්රිය සේවයම කඩා වැටෙනු ඇති බවත් එම සංගමයේ සභාපති එස්.පී. විතානගේ මහතා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...