30 C
Colombo
Sunday, May 5, 2024

මෛත්‍රීපාලට සුඛෝපභෝගී මන්දිරය අහිමිවන ලකුණු

- Advertisement -

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත්කර තිබෙනවා.

එමෙන්ම අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කටයුතු කිරීම වළක්වාලමින් වග උත්තරකරුවන් වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත්තේ.

එම තහනම් නියෝග අද (29) දින සිට සති හතරකින් පසුව ක්‍රියාත්මක වන බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කරනවා.

මෙම අතුරු නියෝග පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවයි අධිකරණය සඳහන් කරන්නේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට අදාළ නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි සඳහන් කරමින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර පෙත්සම් විභාගය මැයි මස 18 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...