28.7 C
Colombo
Wednesday, May 8, 2024

විපක්ෂය පෙරට – ඉම්රාන් ඛාන්ට බහුතරය අහිමියි

- Advertisement -

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට ජාතික සභාවේ බහුතරය අහිමි වී ඇති බව වාර්තා වනවා.

ඊට හේතු වී ඇත්තේ, ඔහුගේ Tehreek-e-Insaf පක්ෂයට සහාය දුන් Muttahida Qaumi Movement Pakistan කණ්ඩායම විපක්ෂයේ ප්‍රධාන පක්ෂය සමග එකතුව කටයුතු කිරීමයි.

ඉම්රාන් ඛාන් ට එරෙහිව එම පක්ෂ එකතුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පියවර ගෙන ඇති බවත් එම විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම අප්‍රේල් 3 වනදා පැවැත්වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

අද සිදුවී ඇති වෙනසත් සමගම පාකිස්තානයේ ඒකාබද්ධ විපක්ෂයට මේ වනවිට පාර්ලිමේන්තුවේ ආසන 177ක් හිමිව ඇති නමුත් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ඉතිරිව ඇත්තේ ආසන 164ක් පමණි.

පාකිස්තාන ජාතික සභාවේ ආසන 342ක් ඇති අතර, එහි බහුතරය ලබාගැනීම සඳහා ආසන 172ක් හිමිව තිබිය යුතුයි.

RECENT ARTICLES - SINHALA

නුවරඑළිය තැපැල්හල ඉන්දීය සමාගමකට ලබාදීම වළක්වන්න අතුරු තහනමක් ඉල්ලන පෙත්සම යළි කැඳවීමට නියෝග

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස නම් කර ඇති නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් ලෙස භාවිත කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට ගෙන ඇති පියවර වළක්වන...

දුම්රිය ප්‍රතිව්‍යුහගත යෝජනා මසක් තුළ කැබිනට්ටුවට

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මාලාව ඉදිරි මාසය ඇතුළත කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් රංජිත් රූබසිංහ මහතා සඳහන්...

එක්ස්ප්‍රස් පර්ල් නැවේ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙලා

කොළඹ වරාය මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...