30 C
Colombo
Sunday, May 5, 2024

අවිධිමත්ව පාරට බහින්න ඉන්න අයට ජවිපෙන් අවවාදයක්

- Advertisement -

විවිධ පාර්ශ්ව විසින් සිදුකරන අසංවිධානාත්මක විරෝධතා සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම පක්ෂය නිවේදනය කරන්නේ රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව මහජන විරෝධතා රැසක් සංවිධානය වෙමින් පවතින බැවින් මෙම ඉල්ලීම සිදු කරන බවයි.

දේශපාලන පක්ෂ, සිවිල් සංවිධානවලට පරිබාහිරව සාමාන්‍ය ජනතාවටද සිය විරෝධය දැක්වීමට අයිතියක් ඇතත් වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි එම පක්ෂය ඉල්ලා සිටිනවා.

එවැනි මහජන විරෝධතා පිටුපස අනතුරක් තිබිය හැකි බව ඔවුන් වැඩිදුරටත් සදහන් කරනවා.

මේ වන විට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයකට පිරිස් ඒකරාශී වෙමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

ඒවා සංවිධානය කරන්නෙක් හෝ සංවිධානයක් පිළිබදව ප්‍රසිද්ධ කර නොමැති අතර බොහෝ දෙනා පවසන්නේ එය ජනතා විරෝධයක් බවයි.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...