27.9 C
Colombo
Monday, April 29, 2024

ඇෆ්ගනිස්තානය පිළිබද චීනයේ රහසක් හෙළිවේ

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් රජය පිළිගැනීමට චීනය ඉක්මන් වන්නේ ඇෆ්ගනිස්ථානය සතු ඩොලර් ට්‍රිලියන 3 ක් වටිනා ඛනිජ සම්පත් සහ දුර්ලභ පාෂාණ හා පස ඉලක්ක කරගනිමින් යැයි ස්වාධීන මාධ්‍ය කණ්ඩායමක් පෙන්වා දී තිබේ.

ඇස්තමේන්තුවකට අනුව ඇෆ්ගනිස්තානයේ ඛණිජ සම්පත් සහ දුර්ලභ පාෂාණ සහ පස් වර්ග රැසක් ඇති අතර ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3 ක් වටිනා ඒවා කෙරෙහි චීනය දැඩි උනන්දුවක් දක්වනු ලබයි.

එමෙන්ම චීන විරෝධී නැගෙනහිර තුර්කිස්තාන් ඉස්ලාමීය ව්‍යාපාරයේ ආරක්ෂිත නවාතැන (ETIM) අස්ථාවර ඇෆ්ගනිස්තානය විය හැකි බවට චීනයට ඇති බිය මෙන්ම ඇෆ්ගනිස්ථානය සමඟ වන දේශ සීමා සුරක්ෂිත කිරීම චීනයේ ප්‍රමුඛ අවශ්‍යතාව වී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

පසුගිය මාර්තු 24 වන දින චීන විදේශ අමාත්‍යවරයාගේ ඇෆ්ගනිස්ථානයේ නිල නොවන සංචාරය තලේබාන් ප්‍රමුඛ රජයට නීත්‍යානුකූල පිළිගැනීමක් ලබාදීමට චීනය ගත් උත්සහයක් ලෙස අනුමාන කළ හැකි යැයි එක්සත් ජනපදය පදනම් කරගත් ස්වාධීන මාධ්‍ය කණ්ඩායමක් වන Global Strat View වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

යුක්‍රේන රුසියානු ගැටුම මධ්‍යයේ චීනය කලාපීය රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ඒ අතර වාර්තා වී ඇත.

රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රෝව් සමඟ ඉරානය, පාකිස්තානය සහ මධ්‍යම ආසියාතික රටවල විදේශ අමාත්‍යවරුන් මෙම රැස්වීමට සහභාගී වීමට නියමිතය.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...