30 C
Colombo
Saturday, May 4, 2024

බස් රථය ගිණි තැබූ ‘අරාබි වසන්ත’ සෙවීමට පොලිසියට එකවර මතක් වෙයි

- Advertisement -

ඉකුත් දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නුගේගොඩ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණ ව්‍යාපාරය අතර තුර බස් රථ දෙකකට ගිනි තැබීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතනවා.

මෙම සැකකරුවන් සම්බන්දයෙන් යම් තොරතුරක් ඇතොත් මෙම අංක වලට දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මෙම ගැටුම්කාරී අවස්ථාවේදී යම්කිසි සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙලෙස බස් රථයට ගිනි තැබූ බවට රජයේ පාර්ශවයන් චෝදනා කළත් බස් රථයට ගිනි තැබූ පුද්ගලයා එම ක්‍රියාව සිදු කරන අවස්ථාවේදී අවට පොලිස් නිලධාරීන් ඒ දෙස බලා සිටින අයුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශනවල සටහන් වී තිබුණා.

මෙම පුද්ගලයා සම්බන්ධ කිසිදු තොරතුරක් මේ වන තුරු වාර්තා වී නොමැති අතර ඔහු එම ක්‍රියාව සිදු කරන අතරවාරයේ අත්අඩංගුවට නොගත්තේ මන්දැයි සමාජ ක්‍රියාකාරීන් සහ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පොලීසියෙන් ප්‍රශ්න කර සිටියා.

එම පුද්ගලයන් ගැන සෙවීම පසෙක තබා පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන්ට පහර දීම, සාමාන්‍ය ජනතාවගේ නිවෙස් වෙතම ගොස් මර්දනය කිරීම සම්බන්ධ වීඩියෝ වාර්තා දැකගත හැකි විය. කෙසේ නමුත් මේ විට පො;ලිසිය බස් රථ ගිණිතැබූවන් සම්බන්ධව විමර්ෂණ සිදු කරන අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...