32 C
Colombo
Saturday, May 4, 2024

ජනපති සමඟ වැඩ කරන්න සූදානම් – හර්ෂගෙන් කොන්දේසි

- Advertisement -

19 වන සංශෝධනය බලාත්මක වන්නේ නම් වත්මන් ජනාධිපතිවරයා සමග වුවද, වැඩ කිරීමට සූදානම් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ, ගුවන් විදුලි නාලිකාවක් සමඟ අදහස් දක්වමින්.

තමාව ජනාධිපති ධූරයට සුදුසු බව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසුවද තවමත් එවැනි අදහසක් නොමැති බවයි ඔහු පවසන්නේ.

වත්මන් රජය සහ ජනාධිපතිවරයා සම්බන්ධව ජනතාවට විශ්වාසයක් නොමැති බැවින් වහාම එම විශ්වාසය ගොඩ නැගිය යුතු බවත් ඒ වෙනුවෙන් නව රජයක් පිහිටුව යුතු බවත් එලෙස ගොඩ නගන රජයක් විසින් ආදායම් සහ වියදම් අතර පරතරය අඩු කර, මූල්‍ය විනයක් ඇති කර, ණය ප්‍රති ව්‍යුහ ගතකර, රුපියල ස්ථාවර කර, දර්ද්‍රතාවය වෙනුවෙන් සමාජ ආරක්ෂණ දැළක් ඇති කළ යුතුව ඇති බවත් ඔහු පවසනවා.

කෙසේ නමුත් 19වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කරන්නේ නම් වත්ම ජනාධිපතිවරයා සමඟ ද වැඩ කිරීමට සූදානම් බවත් ඔහු පවසනවා.

කෙසේ නමුත් එහිදී විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින්, කෙටි කාලීන-අන්තර්කාලීන වැඩපිළිවෙලක් සඳහා පමණක් එකඟ වන බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...