28 C
Colombo
Sunday, May 5, 2024

25 බාර් වහනවා! ඒත් මේ ගැනත් හිතන්න…

- Advertisement -

එළඹෙන 25 වන දිනට යෙදී ඇති නත්තල් උත්සවය නිමිත්තෙන් සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව නත්තල් දිනයේ සුරාසැල් වැසීම සිදුකරයි. එහෙත්, කතෝලික භක්තිකයන් අතර මත්පැන්වලට එරෙහි දැඩි සීමා නැති නිසා, එදිනට සුරාසැල් වැසීම ඇතැම් අයගේ විවේචනයට හේතු වේ. පල්ලිවලද මත්පැන් වර්ගයක් වන වයින් පානය කිරීමට ඇත. ජේසුස් වහන්සේද වයින් පානය කර ඇත.

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු (ර.බී. 07) බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන නත්තල් දවසේ වසා දැමිය යුතු නොවේ. ඒ අනුව නත්තල් දවසේ මධුවිත අකැප වයින් ස්ටෝස් එකෙන් මත්පැන් ගන්නා සාමාන්‍ය ජනයාට පමණි.
 
දෙසැම්බර් 29 වන දිනට යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙහිදී ද බලපත්‍ර වර්ගීකරණයකින් තොරව දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ලම වසා තැබීමටද ඉන් නියෝග කර ඇත.

RECENT ARTICLES - SINHALA

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...