28 C
Colombo
Friday, May 3, 2024

පාස්කු වින්දිතයන්ට ලැබුණු කෝටි 92 කෝ – විජේදාස රාජපක්ෂ අසයි

- Advertisement -

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවීම සඳහා ලෝක මුස්ලිම් ලීගය ලබා දුන් ඩොලර් මිලියන පහට සිදුවූයේ කුමක්ද යන්න විමසා මීට මාසයකට පමණ පෙර ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපියට මෙතෙක් පිළිතුරක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසා ඇත.

දෙසැම්බර් 24 දින මන්ත්‍රිවරයා මේ බව පවසා ඇත.

2019 වර්ෂයේ නොවැම්බර් 27 වැනිදා ජනාධිපති, අගමැති සහ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමියන්ට පිටපත් සහිතව ජනාධිපති ලේකම්වරයාට යැවු ලිපියට පිළිතුරක් ලබා දෙන තෙක් තමන් බලා සිටින බව ඒ මහතා පවසා ඇත.

ලෝක මුස්ලිම් සංවිධානයේ සමුළුවක් 2019 ජූලි මස කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වූ අතර ඊට එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, වර්තමාන අගමැති, මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහභාගීවූ බවත් එහිදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥාතීන්ට සහ ආබාධිත තත්ත්වයේ පසුවූ අය වෙනුවෙන් ලෝක මුස්ලිම් ලීගයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් කරීම් අල් ඉසා විසින් ඩොලර් මිලියන පහක මුදලක් වන්දි ලෙස ලබා දුන් බවත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බව ඒ මහතා පවසයි.

එහෙත් එම මුදල් කිසිවක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුබසාධනයට ලැබී නැති බව ඔවුන් තමාට දැනුම් දුන් බව පවසන මන්ත්‍රීවරයා මෙම මුදලට සිදුවූයේ කුමක්ද යන්න දන්වා එවන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබිණි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...