28 C
Colombo
Sunday, May 5, 2024

ඉන්දියාවෙන් ආයුධ ආනයන තහනමක්

- Advertisement -

දේශීය ආරක්ෂක නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ නැංවීමේ අරමුණින් ඉන්දියාව අවි ආයුධ 101 ක් ඇතුළත් තහනම් ආනයනික ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ.

මෙම තහනම් ලැයිස්තුවට සැහැල්ලු යුධ ටැංකි, කාලතුවක්කු සවිකරන ලද පද්ධති, නාවික උපයෝගිතා හෙලිකොප්ටර්, ඩ්‍රෝන උපකරණ, මධ්‍යම දුර ප්‍රතිනාශක නැව් සහ විකිරණ නාශක මිසයිල වැනි විශාල ප්‍රමාණයේ නිෂ්පාදන රැසක් ඇතුළත් වේ.

අදාළ ආයුධ 2022 දෙසැම්බර් සිට 2027 දෙසැම්බර් දක්වා ආනයනය කිරීම ක්‍රමානුකූලව තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ආනයන තහනම පැනවීම පිළිබඳ ප්‍රකාශයක් කරමින් ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පවසා ඇත්තේ විදේශීය මෘදුකාංග කේතයන් සහිත ආයුධ පද්ධති ආනයනය කිරීම ආරක්ෂක තර්ජනයන්ට ද හේතු විය හැකි බවයි.

“අද, ආරක්ෂක විෂය පථය දේශසීමා වලට පමණක් සීමා නොවේ. විවිධ සන්නිවේදන ක්‍රමවල ආධාරයෙන් ඕනෑම කෙනෙකුට දැන් රටක ආරක්ෂක පද්ධතියට කඩා වැදිය හැකියි. පද්ධතිය කොතරම් ශක්තිමත් වුවත් වෙනත් රටකට සම්බන්ධ කළහොත් ආරක්‍ෂාව කඩවීමට ඉඩ ඇතැ”යි ඔහු මෙහිදී පවසා තිබේ.

මෙය ඉන්දියාව මෙවැනි ආනයනික අවිආයුධ තහනම් ලැයිස්තුවක් නිකුත් කළ තුන්වන අවස්ථාව වේ.

ස්වදේශීය අවි ආයුධ නිෂ්පාදනයන් හි ලයිස්තුවක් නිකුත් කිරීම,උපාය මාර්ගික අවදානම් අවම කිරීම,යුද්ධවලදී බාධාවකින් තොරව සැපයුම් සහතික කිරීම මෙන්ම දේශීය ආයුධ පද්ධති පතොරම් නිෂ්පාදනය සංවර්ධනය කිරිමේ අවශ්‍යතාව මෙම තීරණයට හේතු වූ බව ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...