27.9 C
Colombo
Tuesday, April 30, 2024

බාලිකා පාසල් හේතුවෙන් තලේබාන් නායකයන් අතර අර්බුද

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ නව යොවුන්වියේ බාලිකා පාසල් නැවත විවෘත කිරීම තලේබාන් නායකත්වය අතර ගැටුම් ඇති කිරීමට හේතු විය හැකි බව ඇෆ්ගන් කාන්තාවන් සඳහා වන එක්සත් ජනපද විශේෂ නියෝජිත රීනා අමිරි පවසා තිබේ.

තුර්කි TRT පුවත් සේවය වෙත අදහස් දක්වමින් රීනා අමිරි කියා සිටියේ තලේබාන්වරුන් අතර විශේෂයෙන් කාන්තාවන්ට වැඩ කිරීමේ නිදහස සහ ගැහැණු ළමයින් සඳහා පාසල් නැවත විවෘත කිරීම වැනි මිනිසුන්ගේ නිදහසට පක්ෂපාතී පුද්ගලයින් සිටින බවයි.

මෙම තලේබාන් කණ්ඩායම ඇෆ්ගනිස්ථානයේ දේශපාලන පැවැත්ම සහ අවශ්‍යතා සඳහා පාසල් නැවත විවෘත කිරීමේ වැදගත්කම විශ්වාස කරන බව අමිරි පවසයි.

තලේබාන් සංවිධානය බාලිකා පාසල් සම්බන්ධයෙන් ඔවුන්ගේ දැඩි ස්ථාවරයට ප්‍රතිරෝධය දක්වන්නේ නම් සහ ඔවුන් ඇෆ්ගනිස්ථාන ජාතිකයන්ගේ කැමැත්ත වැලඳ නොගතහොත් ඇෆ්ගනිස්ථානය බිඳවැටීමට තුඩු දිය හැකි බවට විශේෂ නියෝජිතයා මෙහිදී අනතුරු ඇඟවීය.

ඇෆ්ගනිස්ථානයේ පාසල් වසා දැමීමේ ප්‍රතිවිපාක ගැන එක්සත් ජනපද නිලධාරියෙකු කතා කළ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.

මෙම තහනම ලෝක ප්‍රජාවගේ කෝපය පමණක් නොව ඇෆ්ගන් ජනතාව මෙන්ම තලේබාන් නිලධාරීන් සහ තලේබාන් හිතවාදී පුද්ගලයින් ගණනාවක් ද කෝපයට පත් කිරීමට හේතු වී ඇතැයි පැවසේ.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...