33 C
Colombo
Saturday, May 4, 2024

සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කරනවා..! – ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් අනතුරු අඟවයි

- Advertisement -

දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ආර්ථික අර්බුදයට විසඳුම් නොදෙන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කරන බව ත්‍රෛනිකායික මහානාහිමිවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට විපක්ෂ නායකවරයාට හා පක්ෂ නායකයින්ට දැනුම් දී තිබෙනවා.

සියම් මහා නිකායේ, මල්වතු පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල , අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන , අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දොඩංපහළ චන්ද්‍රසිරි , ශ්‍රී ලංකා රාමාඤ්ඤමහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහානාහිමිවරුන්ගේ අත්සනින්, රට තුළ උද්ගතවී ඇති වත්මන් සමාජ ආර්ථික අර්බුදය කඩිනමින් විසදීමෙහිලා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාවක් ද නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ රට තුළ පවත්නා වත්මන් සමාජ , ආර්ථික හා දේශපාලණික අර්බුද විසඳා මහජනතාවට කඩිනම් සහන සැලසීමට ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් තමන් වහන්සේලා විසින් අප්‍රේල් 04 වැනිදා ජනාධිපතිවරයාට යොමු කළ බවයි.

එහෙත් එම යෝජනා පිළිබඳව සාධනීය අවධානයක් යොමු නොකිරීම පිළිබඳව මහනාහිමිවරුන් සංවේගය පල කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ එම අර්බුධ කෙරෙහි සාධනීය විසඳුම් ලබා දීම වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම තුළින් මෙම අර්බුද කිසිසේත් නොවිසිදෙන බව මහානාහිමිවරුන් තරයේ විශ්වාස කරන බවයි.

දේශයේ සුරක්ෂිතතාව හා සමෘද්ධිය උදෙසා මහජනයා විසින් සිදු කළ යුතු කැපකිරීම් අත්‍යන්තයෙන්ම සිදු කර ඇති බව මහානාහිමිවරුන් පෙන්වා දෙන අතර දැන් උදාවී ඇත්තේ මහජන නියෝජිතයින් ලෙස මහජන සුභ සිද්ධිය උදෙසා සිය යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කළ යුතු මොහොතක් බවත් මහා නාහිමිවරුන් පෙන්වා දෙනවා.

එබැවින් මෙම අර්බුදකාරී අවස්ථාවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පීඩාවට පත් ජනතාව පිළිබඳව සංවේදීව රට දේශපාලනික හා ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට ගෙන ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම නියෝජිතයෙක්ම එක් සිත්ව පුර්ණ දායකත්වය ලබා දිය යුතු බවට කැපයිව යුතු බවත් මහ නා හිමිවරුන්ගේ යෝජනාවලියට ඇතුළත් කර තිබෙනවා.

නුදුරේදීම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡා කිරීමට ත්‍රෛනිකායික මහනාහිමිවරුන් අදහස් කර ඇති බවත් එහි දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...