33 C
Colombo
Monday, April 29, 2024

ගිනියාවෙන් චීනයට කොන්දේසි

- Advertisement -

බටහිර අප්‍රිකානු රටක් වන ගිනියාවේ හමුදා ආණ්ඩුව එරට තුළ පතල් කර්මාන්තයේ නිරත චීන සහ වෙනත් රටවල සමාගම්වලට දැඩි කොන්දේසි පැනවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ගිනියාවේ ජනාධිපතිවරයාව සිටි ඇල්ෆා කොන්ඩේ එරට හමුදාව විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී කුමන්ත්‍රණයක් මගින් ජනාධිපති ධුරයෙන් ඉවත් කරනු ලැබිණ.
නව හමුදා ආණ්ඩුව පැරණි රජය විසින් පවත්වාගෙන ගිය ගිවිසුම්වලට අනුව කටයුතු කරන බවට පොරොන්දු වුවද විදේශීය පතල් සමාගම් කෙරෙහි නව කොන්දේසි පැනවීමට කටයුතු කරන බව සදහන් වේ.

ඒ අනුව ඔවුන් දේශීය බොක්සයිට් පිරිපහදු ඉදිකිරීමට විදේශීය සමාගම්වලට නියෝග කර ඇති අතර රටේ විශාලතම යපස් නිධිය වන Simandou හි මෙහෙයුම් ද අත්හිටුවා තිබේ.

මේ හේතුවෙන් චීනය විසින් ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන යපස් සැපයුම් අඩුවීමට විකල්පයක් ලෙස ගිනියාවෙන් යපස් ලබා ගැනීමට කර තිබූ සැලසුම ද අසාර්ථක වීමේ ඉඩකඩක් මතුව ඇති බව සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...