29 C
Colombo
Thursday, May 2, 2024

චීනය කොවිඩ් මරණ සගවන බවට චෝදනා

- Advertisement -

චීනයේ කොවිඩ් 19 රෝගීන්ගේ විශාල වැඩිවීමක් මධ්‍යයේ, මරණයට හේතුව වසන් කිරීමෙන් සැබෑ කොවිඩ් මරණ සංඛ්‍යාව සැඟවීමට උත්සාහ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ෆයිනෑන්ෂල් ටයිම්ස් උපුටා දක්වමින් තායිවාන ප්‍රවෘත්ති වාර්තා කළේ, යමෙක් කොවිඩ්  වැළඳීමෙන් පසුව මිය ගිය නමුත්, ඔවුන් නිදන්ගත රෝගයකින් උදාහරණයක් ලෙස, පිළිකාවක්, හෘද රෝග හෝ දියවැඩියාව එම අවස්ථාවේ තිබුනේ නම්, චීන රෝහල් විසින් එම මරණය කොවිඩ් නිසා සිදුවන මරණයක් ලෙස වර්ගීකරණය නොකරන බවයි.

හොංකොං විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යාඥයෙකු වන ජින් ඩොං-යන් විසින් මෙම දෝෂ සහිත ක්‍රමවේදය තහවුරු කරමින් පැවසූයේ සංඛ්‍යා නිවැරදි නැති නමුත් ෂැංහයි රෝහල් මෙය කරන්නේ හිතාමතා නොවන බවයි.

ආරම්භයේ සිටම චීනයේ මෙම මරණ වාර්තා කිරීමේ ක්‍රමය තිබු බව ඔහු තවදුරටත් පැවසීය.

මේ අතර අධි සම්ප්‍රේෂණය කළ හැකි Omicron ප්‍රභේදයේ ව්‍යාප්තිය මැඩපැවැත්වීමට චීන  බලධාරීන් දිගින් දිගටම උත්සාහ කරමින් සිටින අතර අවම වශයෙන් චීනයේ නගර 44ක් සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් මේ වනවිට අගුලු දමා ඇත.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...