27 C
Colombo
Friday, May 3, 2024

පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් බැටකන චීන වැසියෝ

- Advertisement -

ලොව බොහෝ රටවලට පසුගිය කාළය මුලුල්ලේම කොඩිව් 19 රෝගයේ විවිධ බයානක බලපෑම් එල්ල වුන බව නොරහසක්.

ඒ හේතුව නිසාම ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට සිය ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවූ අතර බොහෝ පිරිසක් අදටත් එහි වක්‍ර බලපෑම් වලින් පීඩා විදිනවා.

කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දැක්වීම සදහා කාළයාගේ ඇවෑමෙන් විවිධ රටවල , විවිධ ඹෂධ නිෂ්පාදන සමාගම් මීට එරෙහිව සාධනීය ප්‍රතික්‍රියා දක්වන එන්නත් වර්ග සොයා ගත් අතර එය ලෝක වාසීන්ගේ හිතසුව පිණිස හේතුවුණා.

නමුත් කොවිඩ් රෝගයේ නොයෙකුත් විභේදනයන් හේතුවෙන් තත්ත්වය විටෙක් බැරූරුම් මුහුණුවරක් ගත්තද , ලෝව බොහෝ රටවල් මේ වන විට තීරණය කර ඇත්තේ කොවිඩ් රෝගය සමග ඊට අනුරූපීව වාසය කිරීමටයි.

ලොවම මෙලෙස ක්‍රියාමර්ග ගත්තද කොවිඩ් උපතලද බවට සැළකෙන චීනය පමණක් තවදුරටත් කොවිඩ් රෝගය මුළිනුපුටා දැමීමේ zero covid ප්‍රතිපත්තියේම එල්ලී සිටිනවා.

එය මේ වනවිට එරට ජනතාවට එල්ල කර ඇත්තේ දැඩි ආර්ථික, සාමාජීය හා දේශපාලනික බලපෑමක්.

චීනයේ ෂැංහයි පළාතට මේ වන විට යළිත් කොවිඩ් රෝගයේ දැඩි බලපෑම් එල්ල වන්නේ මෙවන් පසුබිමක් හමුවේයි.

ෂැංහයි පළාත තුල මෙම ඉරිදා දිනයේ කොවිඩ් මරණ 39 ක් වාර්තා වී ඇති අතර, නිල දත්ත පෙන්වා දෙන්නේ, සතියක අගුලු දැමීම ආරම්භ වීමෙන් පසු එහි ඉහළම දෛනික සංඛ්‍යාව එය වන බවයි.

චීන ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ දත්ත පෙන්වා දෙන්නේ ෂැංහයි පළාත තුල මුළු මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගොස් ඇති අතර රට තුළ නව දේශීය වෛරස් රෝගීන් 22,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

Covid-19 රෝගීන්ගේ නව ව්‍යාප්තියට ප්‍රතිචාර වශයෙන් චීනයේ නගර දුසිම් ගනනක් පූර්ණ හෝ අර්ධ වශයෙන් යළිත් වසා දමා තිබෙනවා.

එයින් අදහස් වන්නේ දළ වශයෙන් එක්සත් ජනපදයේ ප්‍රමාණයේ ජනගහනයක් සති කිහිපයක් තිස්සේ නිවසේ සිරවී ඇති බවයි.

බොහෝ විට ආහාර සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔවුන්ට ඇත්තේ සීමිත ප්‍රවේශයක් පමණයි.

අගුලු දමා ඇති එම නගර අතරින් ෂැංහයි වෙත වැඩි අවධානයක් ලැබී තිබෙනවා.

මේ සතියේ නගර තුළ නිරෝධායන නීති තරමක් ලිහිල් කළද, මිලියන 4.5 ක පමණ ජනතාවක් තවමත් තම නිවෙස්වල කොටු වී සිටිනවා.
මේ අතර දළ වශයෙන් මිලියන 7.9 කට තම නිවෙස්වලින් පිටවීමට අවසර දී ඇති නමුත් ඒ, ඉතා සීමා සහිත තත්ත්වයක්  යටතේයි.

ඔවුන්ට එක් සීමාවකින් ඔබ්බට යාමට අවසර හිමි වන්නේ නැහැ.

නගරයේ සමහර ප්‍රදේශවල ආහාර බෙදා හැරීම බිඳ වැටී ඇති අතර, මේ  නිසා සමහර නිවැසියන් බඩගින්නේ සිටිනවා.

බොහෝ මිනිසුන් තම මහල් නිවාසවල ගෙවන දුක්ඛිත තත්ත්වය සහ “අවම ආහාර සලාකයක් ලබා ගැනීමේ වේදනාව” සමාජ මාධ්‍යවල බහුලව බෙදා හරින ලද වීඩියෝවලට මාතෘකා වී තිබෙනවා.

නමුත් ෂැංහයි සහ අනෙකුත් නගරවල අර්බුදය මානුෂීය එකක් පමණක්ම නොවෙයි.
එය ඉතා පැහැදිලිවම ආර්ථික ගැටලුවක් වන අතර, යම් තාක් දුරට දේශපාලන ප්‍රශ්නයක් ද වනු ඇති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුද එහි දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන පුරෝකථනය සම්පූර්ණ වසර සඳහා සියයට 4.8 සිට සියයට 4.4 දක්වා අඩු කර තිබීම මීට උදාහරණ සපයනවා.

Nomura හි චීනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Ting Lu, මෙම වසරේ දෙවන කාර්තුවේ GDP වර්ධනය 1.8% දක්වා පහත වැටෙනු ඇති බවට අනාවැකි පල කරනවා.

ෂැංහයි හි බොහෝ පදිංචිකරුවන් නිවසේ සිරවී සිටීමත් සමඟ යුරෝපීය සංගමයේ වාණිජ මණ්ඩලය ඇස්තමේන්තු කළේ  ෂැංහයි හි ශ්‍රම බලකායෙන් 30% කට වඩා අඩු ප්‍රමාණයක් නැවත රැකියාවට යාමට සුදුසුකම් ඇති බවත්ය.

ෂැංහයි හි බැංකු සහ රක්ෂණ නියාමකයා බ්‍රහස්පතින්දා බැංකුවලින් ඉල්ලා සිටියේ නැවත වැඩ ආරම්භ කරන සමාගම්වලට ණය ලබා දෙන ලෙසයි.

බීජිං පාලනය ලොව අනෙකුත් රටවල් කොවිඩ් සමග ජීවත් වීමට තෝරාගෙන තිබියදී උඩුගම් බලා යමින් ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියට ස්ථිරව ඇලී සිටීම එරට මෙම අර්බුද රැසට හේතු වී තිබෙනවා.

ආදායම් පහත වැටීම සහ අවිනිශ්චිතතාවයන් ඉහළ යාමත් සමඟ චීනය පුරා නගර සම්පූර්ණ හා අර්ධ වශයෙන් අගුලු දැමීම, නිවාස මෙන්ම කල් පවතින පාරිභෝගික භාණ්ඩ සහ ප්‍රාග්ධන භාණ්ඩ සඳහා ඇති ඉල්ලුමට අහිතකර ලෙස බලපෑමක් ඇති කර තිබෙනවා.

චීනයේ ජනගහනය බිලියන 1.4 ක් තුන්වන වසරටත් Covid සමඟ පොරබදමින් සිටින බැවින්, බොහෝ දෙනෙක් වියදම් අඩු කිරීමට කටයුතු කරමින් සිටින අතර එය ඔවුන්ගේ  ඉතුරුම් අඩු කිරීමට ද හේතු වී තිබෙන බව ජ්‍යාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ මතයයි.

විදෙස් වාර්තා වල දැක්වෙන්නේ චීනය විසින් තම ජනතාව අතර භාවිතය සඳහා විදේශීය mRNA කොවිඩ් මර්දන එන්නත් අනුමත නොකර දේශීය සමාගම් විසින් නිපදවන ලද අඩු ඵලදායී එන්නත් ලබා ගැනීමට ඔවුන්ට ඉඩ සලසා ඇති බවයි.

මෙයින් අදහස් කරන්නේ සියයට 88 ක
ආකර්ෂණීය එන්නත් අනුපාතයක් චීනයේ  තිබුණද , විශේෂයෙන් වැඩිහිටියන්ට තවදුරටත් කොවිඩ් වයිරසයේ සැබෑ  අවදානමක් එරට තුළ ඇතැයි සිතන බවයි.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ බීජිං පරිපාලනය දැන්වත් විදෙස් රටවල් නිශ්පාදනය කර ඇති කොවිඩ් මර්ධන එන්නත් සිය රට වැසියාට භාවිත කිරීම සදහා ඉඩ සැළසිය යුතු බවයි.

විදේශීය mRNA එන්නත් විශාල වශයෙන් ආනයනය කිරීම චීනය වහාම අනුමත කළ යුතුය, එමඟින් එහි කුරිරු ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියෙන් මිදීමට මාර්ගයක් සොයා ගැනීමට සහ දැවැන්ත ආර්ථික හා මානසික හානියක් පටවන අගුලු දැමීම් ලිහිල් කිරීමට ඉඩ සලසනු ඇති බව විශ්ලේෂකයන්ගේ මතයයි.

මෙම කාර්යයේ හදිසිතාව අවතක්සේරු කළ නොහැකිය. 
චීනයේ ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තිය බොහෝ දුරට බෝවන Omicron ප්‍රභේදය මතු වන තුරු වෛරසය පැතිරීම පාලනය කර ඇත. 
බීජිං නගරයට දැන් දැඩි තේරීමක් ඇත: විදේශීය mRNA එන්නත් භාවිතයෙන් මහා එන්නත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම හෝ අඛණ්ඩව අගුලු දැමීමේ විනාශකාරී ආර්ථික හා සමාජ පිරිවැය පවත්වා ගැනීම මෙම තෝරා ගැනීම වන අතර එය කුමක්ද යන්න චීනය විසින්ම තෝරා ගත යුතු වනවා.

මේ අතර, බීජිං අගනුවර නව ආසාදන 22 ක් වාර්තා වූ අතර, සෙනසුරාදා නිලධාරියෙකු විසින් නගරය හදිසි පියවර ගත යුතු බවට අනතුරු ඇඟවූවා.

සෞඛ්‍ය නිලධාරි Pang Xinghuo පැවසුවේ මූලික නිරීක්ෂණවලින් පෙනී යන්නේ Covid දැන් සතියක සිට අගනුවර තුළ “අදෘශ්‍යමාන ලෙස පැතිරී ඇති” බවත් එය “පාසල්, සංචාරක කණ්ඩායම් සහ බොහෝ පවුල්වලට” බලපාන බවත්ය.

බීජිං නාගරික පක්ෂ කමිටුවේ ටියැන් වෙයි මාධ්‍ය හමුවකදී පැවසුවේ “අඛණ්ඩව සහ සැඟවුණු සම්ප්‍රේෂණයේ අවදානම ඉහළ මට්ටමක පවතින අතර තත්වය වඩාත්ම දරුණු බවයි.

“මුළු බීජිං නගරයම වහාම ක්‍රියාත්මක විය යුතුයි.” ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...