28 C
Colombo
Sunday, May 5, 2024

මෛත්‍රී ගෝ හෝම්..! – චන්ද්‍රිකා

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගැනීමට නම් වත්මන් සභාපතිවරයා සහ ලේකම්වරයා ඉවත් විය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

ඒ, අත්තනගල්ල ඌරාපොළ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන් පිරිසකට වියළි ආහාර ලබාදීමේ උත්සවයකට එක්වෙමින්.

තවද, වත්මන් රජයට ජනතා ගැටලු විසඳීමට හැකියාවක් නොමැති බවයි ඇය පවසන්නේ.

මාධ්‍යවේදියා –

“මහින්ද මත්තයා කියනවා එයා ඉවත්වෙන්නේ නැහැ කියලා. එයාගේ අගමැතිකම එයා තියාගෙන තමයි කරන්න හදන්නේ?”

හිටපු ජනාධිපතිනිය –

“පෙරේතකමනේ. එක පැත්තකින් බය ඇති හිරේ දායි කියලා. අනෙක් පැත්තෙන් තව ටිකක් කන්ඩ. කොච්චර තිබුණත් රාජපක්ෂලාට මදි. ඉතින් මටනම් විලි ලැජ්ජයි. කොච්චර මිනිස්සු පලයන්, පලයන් කියද්දී බලයේ එල්ලී සිටිනවා.”

මාධ්‍යවේදිය –

“ඔබතුමියට ආරාධනාවක් ලැබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත එන්න කියලා. ඔබතුමියගේ අදහස?”

හිටපු ජනාධිපතිනිය –

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත් එන්නට දෙයක් නැහැනේ. මම පක්ෂයේ ඉන්නවා. මම පක්ෂයේ සමාජිකයෙක්. ඒක කාටවත් නැති කරන්න බැහැ. ඒ වාගේම මම පක්ෂයේ යාවජීව අනුශාසකවරයකේ. මම පක්ෂයෙන් අයින්වෙලා නැහැ. ඒ කියන්නේ. මම හිටියට මගේ තනතුර නැතිකෙරුවා සිරිසේන. දේශපාලන මණ්ඩලයෙන් පැන්නුවා, අත්තනගල්ලේ සංවිධායක ධුරයෙන් මාව පැන්නුවා. පැන්නුවාට සංවිධායක ලෙස මිනිස්සු සලකන්නේ මට.

ආපසු එන්න කියන්නේ ඒ ගොල්ලෝ පන්නපු එකට ආපසු එන්නලු. ඇවිල්ලා උදව් කරන්නලු ඒ අයට හදන්න. ඉතින් මම කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ ලේකම් අස්වෙන්නේ නැතුව පක්ෂය හදන්න බැහැ. හදන්න බැරි නම අතගහලා වැඩක් නැහැනේ. ඒ ඉන්න හොරු ටික සියලුදෙනාම අයින්වෙලා ගියට පස්සේ අපි ගිහිල්ලා ලස්සනට පක්ෂය හදලා දෙනවා.”

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...