31 C
Colombo
Saturday, May 4, 2024

ඉන්දියාවේ ගුවන් තොටුපළ සංඛ්‍යාව 200 දක්වා ඉහළට

- Advertisement -

ඉදිරි වසර හතර තුළ ඉන්දියාවේ ගුවන් තොටුපළ ගුවන් තොටුපළ සංඛ්‍යාව 200 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඉන්දීය ගුවන් සේවා අමාත්‍ය ජෝතිරාදිත්‍ය සින්දියා ප්‍රකාශ කරන්නේ දැනට පවතින 141 ක් වන ගුවන් තොටුපළ සංඛ්‍යාව 2025-2026 වන විට 200 දක්වා වැඩි කරන බවයි.

එහිදී ඉන්දීය රුපියල් කෝටි 98,000 ක් වැය කිරීමට අපේක්ෂිත අතර ඉන් රුපියල් කෝටි 22,000 ක් දැනට පවතින ගුවන් තොටුපලවල පර්යන්ත සහ අනෙකුත් යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා ඉන්දීය රජයේ ගුවන් තොටුපල අධිකාරිය විසින් වියදම් කිරීමට නියමිතය.

භාරතීය ජනතා පක්ෂ ආණ්ඩු යටතේ පසුගිය වසර 8 තුළ නව ගුවන් තොටුපළ 67ක් ඉදිකර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

කොවිඩ් වසංගතයෙන් පසු ගුවන් ගමන් ඉල්ලුම ඉහළ ගොස් ඇති බවත් , 2019-20 දී ඉන්දියාව මගීන් මිලියන 144 ක් හසුරුවා ඇති බවත් 2025-26 දී එය මිලියන 400 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...