28 C
Colombo
Sunday, May 5, 2024

මියන්මාර හමුදා ආණ්ඩුවට චීනයේ අඛණ්ඩ සහය

- Advertisement -

මියන්මාර හමුදා ජුන්ටාව විසින් සිදු කරනු ලබන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නොතකා චීනය මියන්මාරයට සහයෝගය ලබා දෙන බවත් පකිස්තානය හරහා ඔවුන්ගේ හමුදාවට ආයුධ සැපයීම සිදු කරන බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ වාර්තාවක් පවසයි.

ලොව පුරා අපකීර්තියට පත් ඒකාධිපති ආණ්ඩු සමඟ ගණුදෙනු කිරීමට බීජිනයේ අඛණ්ඩ කැමැත්ත එමඟින් පෙන්නුම් කරන බවත් මානව හිමිකම් “අපයෝජනය” කරන රජයන් සමඟ පවා සබඳතා පැවැත්වීම සහ ඔවුන්ට ආධාර සැපයීම “චීන විදේශ ප්‍රතිපත්තියේ මූලධර්මයක්” බවත් එම වාර්තාව පෙන්වා දී ඇත.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ මියන්මාරයේ කුමන්ත්‍රණයෙන් පසුව, ජුන්ටාව රටේ මධ්‍යම ප්‍රදේශයේ ගම්මාන 100ක් විනාශ කර ගොඩනැගිලි 5,500කට වඩා විනාශ කර ඇතැයි ද එහි දැක්වේ.

චීනය ඇතුළු කාම්බෝජය, ලාඕසය, තායිලන්තය, වියට්නාමය යන රටවල විදේශ අමාත්‍යවරුන්ගේ Lancang-Mekong සහයෝගිතා සංසදය යටතේ ද හමුදා ජුන්ටාවට සහාය දීමට පොරොන්දු වී ඇත.

එමෙන්ම චීනය පාකිස්තානය හරහා මියන්මාරයට හමුදා උපකරණ ලබා දෙන අතර මිලිමීටර් 60 සහ 81 මෝටාර්, M-79 අත්බෝම්බ සහ බර මැෂින් තුවක්කු සපයනු ලබන බව පැවසේ.

මෙම ගනුදෙනු සිදු වන්නේ රහසිගතව සහ එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණයෙන් බැහැරව බව ද එම වාර්තාව වැඩි දුරටත් පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...