29 C
Colombo
Sunday, May 5, 2024

ජනාධිපතිවරණය තව වසර එකහමාරකින්ම තියමු..! – හිටපු ආණ්ඩුකාරවරු

- Advertisement -

“ජාතික ආණ්ඩුවක් – එකඟතා ආණ්ඩුවක්” නිර්මාණය කිරීම සඳහා සාකච්ඡා වහාම ඇරඹිය යුතු බවට බව යහපාලන රජය සමයේ හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු වන කීර්ති තෙන්නකෝන්, මෛත්‍රී ගුණරත්න සහ අසාද් සාලි යන මහත්වරුන් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ පොදු එකඟතාවයෙන් වසරක කාලයක් රට පාලනය කිරීම, වසර 1 ½ ක් තුළ මහා මැතිවරණයක් හා ජනාධිපතිවරණයක් පැවැත්වීම, 19 වන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාව සංශෝධනය වඩාත් යථාර්ථවත් ලෙස බලාත්මක කිරීම හා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම සිදුකළ යුතු බවයි.

සම්පූර්ණ නිවේදනය පහතින්,

අන්තර් වාර පාලනයක් අතහැර නොහැකි වගකීමකි


මේ වන විට දින 25 කට ආසන්න කාලයක් රටම අරාජික තත්වයට පත්ව තිබේ. දින 17 ක් ගොල්ෆේස් පිටියේ උද්ඝෝෂකයින් අඛණ්ඩව තම ඉල්ලීම් දිනා ගැනීමට සටන් කරමින් ඇත. රට පුරා උද්ඝෝෂණ, පෙළපාලි, විරෝධතා දිනෙන් දින තීව්ර වෙමින් ඇත.


දවසින් දවස රට ආර්ථික හා සමාජීය වශයෙන් පිරිහෙමින් ද, බිඳවැටෙමන් ද ඇත. සාගතය, ආහාර හිඟය සෑම තැනමය. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහණය ආදී සියළුම දෛනික අංග බිඳවැටී ඇත.


අන්තර්වාර පාලනයයක් තුළින් දේශපාලන ස්ථාවරත්වයක් ලඟා කර නොගන්නේ නම්, අප රට මුහුණ දී ඇති අභියෝගයන් ජය ගැනීම කිසි ලෙසකින් හෝ සිදු කළ නොහැකිය.


මෙයට මාස පහකට පෙර අප පෙන්වා දුන් ආකාරයටම අද ආණ්ඩුව කොටස් 7 කට කැඩී ඇති අතර, විපක්ෂය කොටස් 6 කි න් සමන්විතය. ඉදිරි ජනාධිපතිවරණයෙන් බලය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය දියත් කර ඇති අපේක්ෂකයින් 9 දෙනෙකු හෝ එයට වැඩි සංඛ්‍යාවකි.
අනෙක් අතට රට තියෙන්නේ කිසිදු ආකාරයකින් ඡන්දයක් පැවැත්වීම තබා කිරිපිටි, ඉන්ධන, ඖෂධ ටිකවත් සපයා ගත නොහැකි තත්වයකය.


මුළු රටේම ජනතා විරෝධය තීව්ර වී ඇති මොහොතක, පාර්ලිමේන්තුව හා දේශපාලන පක්ෂ වෙත තවදුරටත් මේ රට විනාශය කරා තල්ලු කරමින් කල් ගත කිරීමේ හැකියාවක් නැත. පසුගිය කිහිපය පුරා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙම අර්බුදය සම්බන්ධයෙන් දක්වනු ලැබූ වගකීම් විරහිත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනතාව තුල දැඩි විරෝධයක් පවතින බව අප අවබෝධ කර ගත යුතුව ඇත.


රට පුරා මතුවන විරෝධතා රැල්ල, අවසනාවන්ත සිදුවීම් වලින් දේශපාලන වාසි ලබා ගැනීම හා තවදුරටත් විරෝධතා තීව්ර කිරීම තුලින් රටේ අර්බුදයට විසඳුමක් ලැබනේනේ නැත. අනෙක් අතට, මෙරට කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමට කිසිදා ලඟා කර ගත නොහැකි වූ මානයකට මහජන විරෝධතාව ගොනු කිරීමටත්, අභියෝග ජයගැනීමටත් තරුණ කණ්ඩායම් සමත්වී ඇති බව ද අප අමතක නොකළ යුතුය.
ජනතාවගේ පළමු ඉල්ලීම අගමැති – ජනාධිපති ඉවත් කිරීම ය. මෙම අරගලය එයින් මෙපිට විසදෙන්නේ නැති බව ස්ථීර ය.


පාර්ලිමේන්තුවට මෙවැනි අභියෝගයකට මුහුණදිය හැකි, ලෝක ප්‍රවනතා පිළිබඳ අවබෝධයක් ඇති නව අගමැතිවරයෙකු පත් කර ගත හැකිය. ඒ සඳහා පොදු එකඟතා ඇති කර ගැනීමටත්, විකල්ප ආණ්ඩුවක් නොව ‘ජාතික ආණ්ඩුවක්‘ – ‘එකඟතා ආණ්ඩුවක්‘ බිහි කළ යුතුව ඇත.


අභියෝගය ජයගැනීමට සුදානම්, අර්බුදය විසඳීම සඳහා නායකත්වය ලබා දිය හැකි පුද්ගලයෙකු පොදු එකඟතාවය මත අගමැති ධූරයට පත් කර මෙම අර්බුදය විසඳීම ඇරඹිය යුතුව ඇත.


අන්තර්වාර පාලනයක් යනු වත්මන් ජනපති හා අගමැති තනතුරුවල තබා ගැනීම සඳහා වන ඇස්බැන්දුමක් නොවිය යුතුව ඇත. එය පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකම සහභාගීත්වයෙන් සිදු කළ යුතුව ඇත.


පොදු එකඟතාවයෙන් වසර කාලයක් රට පාලනය කිරීම වසර 1 ½ ක් තුල මහා මැතිවරණයක් හා ජනාධිපතිවරණයක් පැවැත්වීම ද, 19 වන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාව සංශෝධනය වඩාත් යථාර්ථවත් ලෙස බලාත්මක කිරීම හා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම එයට ඇතුළුත් විය යුතු අනිවාර්ය අංගයන් වෙති.


තව දුරටත් ප්‍රමාද නොකළ, රට තුල දේශපාලන ස්ථාවර භාවය ඇති කර ගැනීමට ‘ජාතික ආණ්ඩුවක් – එකඟතා ආණ්ඩුවක්‘ පිහිටුවීම සඳහා වහා සාකච්ඡා ආරම්භ කරන ලෙස අප ගෞරවයෙන් ඉල්ලා සිටිමු.


මෙයට,


හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකොන්
හිටපු ආණ්ඩුකාර අසාත් සාලි
නීතිඥ ගුණරත්න වන්නිනායක

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...