32 C
Colombo
Monday, April 29, 2024

රිදී තීරයේ දුෂ්ඨයා ජීවන රඟමඩලෙන් සමුගනියි

- Advertisement -

ප්‍රවීන රංගන ශිල්පී සහ සටන් අධ්‍යක්ෂක විල්සන් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

විල්සන් කරු නමින් ජනප්‍රිය වූ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 79 වැනි වියේ පසුවුණා.

සිංහල සිනමාවේ හොඳම දුෂ්ඨ රංගන ශිල්පියෙකු ලෙස සැලකෙන විල්සන් කරූ මහතා දුෂ්ඨයාගේ චරිතය පමණක් චිත්‍රපට 240 කට වැඩි සංඛ්‍යාවක රඟපා තිබෙනවා.

විල්සන් කරු මහතාගේ මංගල සිනමා රංගනය 1974 දී සුබයාර් මකීම් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘හදවත් නැත්තෝ ‘ චිත්‍රපටයයි.

මාලනී ෆොන්සේකාගේ සසර චේතනා චිත්‍රපටයේ නිකලස්ගේ චරිතය වෙනුවෙන් ඔහුට කුසලතා සම්මානයක් ද හිමිවුණා.

යකඩයා (1977), ජීවන ගඟ (1974), සරදියෙල්ගේ පුතා (1976), හිතුවොත් හිතුවාමයි (1977), හිත මිතුරා (1978), සෙලිනගේ වලව්ව (1978), වීර පුරන් අප්පු සහ කිවුලේ ගෙදර ඒ මහතා රඟපෑ චිත්‍රපට කිහිපයක්.

විල්සන් කරූ මහතා පිළිබදව මෑතකාලයේ වැඩිපුරම කතාබහට ලක්වූයේ කුප්‍රකට සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් ප්‍රවීන ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාට අපහාසාත්මකව නිර්මාණය කළ ගීතයක වීඩියෝ පටයක රංගනයෙන් දායකවීමට විල්සන් කරූ මහතාව සම්බන්ධ කරගැනීමත් සමඟයි.

එම වීඩියෝවේ වික්ටර් රත්නායක මහතාගේ චරිතයට පණ පෙවීමට විල්සන් කරූ මහතාව ඉරාජ් වීරරත්න යොදාගෙන තිබුණු හෙයින් විල්සන් කරු මහතාට දැඩි විවේචන එල්ල වුණා.

පසුව විල්සන් කරූ මහතා ජනතාවගෙන් ඊට සමාව ඉල්ලා සිටි අතර අදාළ වීඩියෝව වික්ටර් රත්නායක මහතාට අපහාස කිරීමට නිර්මාණය කරන ලද්දක් බවට තමන් නොදැන සිටි බවට පාපොච්චාරණයක්ද ඉදිරිපත් කළා.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...