30 C
Colombo
Sunday, May 5, 2024

ජම්මු, කාශ්මීරයේ සටන්කාමීන් හාන්සියි

- Advertisement -

ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වේගවත් කර වසරක් තුල ක්‍රියාකාරී සටන්කාමීන්ගේ සංඛ්‍යාව 100 ට වඩා අඩු කිරීමට ජම්මු සහ කාශ්මීර පොලිසිය ඉලක්ක කර ඇති බව වාර්තා වේ.

මේ වසරේ මුල් මාස හතර තුළ පමණක් සටන්කාමීන් 64 දෙනෙකු මරා දැමීම හේතුවෙන් මේ වන විට කාශ්මීරයේ ක්‍රියාකාරී සටන්කාමීන්ගේ සංඛ්‍යාව 150 දක්වා පහත වැටී ඇති බව පැවසේ.

අප්‍රේල් මාසයේදී, ජම්මු සහ කාශ්මීරයේ සිදු වූ ගැටුම් 14 කින් සටන්කාමීන් 23 ක් මිය ගිය අතර මාර්තු මාසයේදී 13 දෙනෙක්, පෙබරවාරි මාසයේදී 7 ක් සහ ජනවාරි තුල 21 දෙනෙකු මියගොස් තිබේ.

දශක තුනක් වන කාශ්මීරයේ සටන්කාමීත්වය තුළ පළමු වතාවට 2021 වසර අවසන් වන විට සක්‍රීය සටන්කාමීන්ගේ සංඛ්‍යාව 200 කට වඩා අඩු වී ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ සදහන් කරයි.

කෙසේ වෙතත්, සටන්කාමීන් ඉලක්ක කර එල්ල කල ප්‍රහාරවලින් සිවිල් ජනතාවද මියගොස් ඇති අතර 2021 ඔක්තෝබර් සිට කාශ්මීරයේ සිදු වූ එවැනි ප්‍රහාර නිසා මියගිය සිවිල් වැසියන් ගණන 20ක් ඉක්මවන බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...