33 C
Colombo
Thursday, May 2, 2024

පාකිස්තානයේ යළි පෝලියෝ

- Advertisement -

පකිස්තානයෙන් යළිත් පෝලියෝ රෝගීව වාර්තා වන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.

උතුරු වසිරිස්තානයේ දෙහැවිරිදි දැරියක් පෝලියෝ වෛරසයට ගොදුරු වී ඇති අතර එය මෑතක දී පාකිස්තානයේ දෙවන පෝලියෝ සිදුවීම බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර උතුරු වසිරිස්තානයේ වයඹ දිග දිස්ත්‍රික්කයේ මාස 15 ක පිරිමි ළමයෙකු ද වෛරසයෙන් අංශභාග වී ඇති බව වාර්තා විය.

මේ අතර රට තුළ තවදුරටත් පෝලියෝ වයිරස් රෝගීන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් පකිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය කනස්සල්ල පළ කර තිබේ.

කෙසේවෙතත්, පකිස්තානයෙන් පෝලියෝ රෝගය තුරන් කිරීම සඳහා හදිසි පදනමක් මත ඵලදායී පියවර ගනිමින් සිටින එරට සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල් කදීර් පටෙල් පවසයි.

එබැවින් ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරය හරහා තම දරුවන්ට පෝලියෝ එන්නත අනිවාර්යයෙන් ලබාදීමට කටයුතු කරන්නැයි හෙතෙම ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...